මහින්ද පාර්ලිමේන්තුවේදී ආණ්ඩුවට එල්ල කළ චෝදනාවට ජවිපෙන් සහයෝගයක්..විමල් ඇතුලු ප‍්‍රබලයින්ගෙන් දැඩි වාග් ප‍්‍රහාරයක් (VIDEO) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, November 22, 2017

මහින්ද පාර්ලිමේන්තුවේදී ආණ්ඩුවට එල්ල කළ චෝදනාවට ජවිපෙන් සහයෝගයක්..විමල් ඇතුලු ප‍්‍රබලයින්ගෙන් දැඩි වාග් ප‍්‍රහාරයක් (VIDEO)

පළාත් පාලන අමාත්‍යවරයා විසින් පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සඳහා නිකුත් කළ සීමා නිර්ණ ගැසට් පත්‍රය ක්‍රියාත්මක කිරීම ලබන දෙසැම්බර් 04 වනදා දක්වා අත්හිටුවමින් අභියාචනාධිකරණය අතුරු තහනම් නියෝගයක්  අද දිනයේදී නිකුත් කරනු ලැබුවා. 

අධිකරණය ලබාදුන් එම තින්දුව සම්බන්ධයෙන් අදහස් දැක්වු හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා අද පාර්ලිමේන්තුවේදී පවසා සිටියේ ජනවාරි මාසයේ පැවැත්වීමට නියමිතව තිබු මැතිවරණ වත්මන් ආණ්ඩුව කල් දැමීමට කටයුතු කර ඇති බවයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා වැඩිදුරටත් පවසා සිටියේ පළාත් පාලන මැතිවරණ අවුරදු 03ක් කල් ගිය බවත් මැතිවරණය කඩිනමින් පැවැත්වීම ආණ්ඩුවේ වගකීමක් බවයි.එම ප‍්‍රකාශය සම්බන්ධයෙන් පිළිතුරු දුන් සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසූවේ මැතිවරණය කල් දැමීම සදහා එජාපය ද විරුද්ධ බවයි.

ඒ පිළිබදව අදහස් දැක්වු ජවිපෙ නායක අනුර කුමාර දිසානායක මහතාද පවසා සිටියේ ආණ්ඩුවේ සමිපතමයින් මැතිවරණය කල් දැමේමේ නඩුවට ඉදිරිපත් වී ඇති බවත් මෙම ක‍්‍රියාදාමය ආණ්ඩුවේ මැතිවරණ කල්දැමීමේ උපක‍්‍රමයක් බවයි.

No comments:

Post a Comment

Post Bottom Ad