දයාසිරි, අජිත් පෙරේරා, සුජිව, හර්ෂන, හෙක්ටර් අප්පුහාමි COPE කමිටුවේ සිටිමින් දුෂණයේ යෙදිලා… මන්ත‍්‍රී ධුර අහෝසියි.. නීතිය මෙන්න.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, November 18, 2017

දයාසිරි, අජිත් පෙරේරා, සුජිව, හර්ෂන, හෙක්ටර් අප්පුහාමි COPE කමිටුවේ සිටිමින් දුෂණයේ යෙදිලා… මන්ත‍්‍රී ධුර අහෝසියි.. නීතිය මෙන්න..

1994 අංක 20 දරන අල්ලස් (සංශෝධනය) පනත හි වගන්ති 16 (2) “රජයේ සේවකයා” යන්නට කථානායකවරයා ද ඇතුළුව අමාත්‍ය මණ්ඩලයේ ඇමතිවරයකු නියෝජ්‍ය ඇමතිවරයකු පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයන් ද ද ඇතුලත් වේ.

ඒ අනුව පාර්ලිමේන්තුවේ පොදු ව්‍යපාර කාරක සභාව COPE කමිටුව අමාත්‍ය මණ්ඩලයේ ඇමතිවරු, නියෝජ්‍ය ඇමතිවරු, පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් ඇතුලත්ව සැදුම්ලත් කමිටුවකි. ඉහත පොදු ව්‍යපාර කාරක සභාව COPE කමිටුව පසුගිය කාලයේදී ශ්‍රීලංකාවේ මෙතෙක් සිදු වු විශාලතම මූල්‍ය වංචාව වු මහා බැංකුවේ බැදුම්කර සම්බන්ධව විමර්ශනය කලේ ය. මේ සඳහා රජයේ විගණකාධිපති මෙන්ම වර්තමාන පාර්ලිමේන්තුවේ මැති ඇමතිවරුන් 26 දෙනෙකු ආණ්ඩු සහ විපක්ෂය නියෝජනය කරමින් සහභාගි වූහ,

එහිදි එම ගනුදෙනුවට සෞජුව සම්බන්ධ වී චෝදනා ලබා සිටින පාර්ශවයන් සමඟ ඉහත කමිටුවේ සමාජිකයින් 5 දෙනෙකු සම්බන්ධකම් පවත්වා ඇත. ඒ දයාසිරි ජයසේකර, අජිත් සි පෙරේරා, සුජිව සේරසිංහ, හර්ෂන රාජකරුණා, හෙක්ටර් අප්පුහාමි යන මන්ත්‍රීවරුන් රජයේ සේවකයන් ලෙස COPE කමිටුව රාජකාරි කටයුතුවල යෙදි සිටින අතරතුර බැව් හෙලිදරව් වී ඇත. ඒ අනුව දෙපාර්ශවයම අවස්ථා ගනනකදි දුරකතන මගින් මෙන්ම පෞද්ගලිකව මුණගැසී රහස් හුවමාරු කරගැනිම සහ එම විමර්ශනයට අයත් වටිනා තොරතුරු ලබාදී ඇති බැව් මේ වනවිට රහස් පොලිසිය විසින් සොයාගෙන ඇත. එම වැදගත් තොරතුරු රහස් පොලිසිය විසින් මේ වනවිට ජනාධිපති කොමිසම වෙත දත්ත සහිතව සාක්ෂි ඉදිරිපත් කොට ඇත ලේඛන ගත කොට ඇත.

මෙම තොරතුරු ඇතුලත් දත්ත මෙන්ම අදාළ සාක්ෂි මේ වනවිට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධායක ජනාධිපතිවරයා වෙත පවරා ඇති බලය මත පත් කරන ලද ජනාධිපති විමර්ශන කොමිසම වෙත රහස් පොලිසියේ නිලධාරින් විසින් භාරදි ඇති අතර එම සාක්ෂි අනුව ඉහත කමිටුවේ සාමජිකයින් අනිවාර්යයෙන්ම, අල්ලස් (සංශෝධනය) පනත හි 70 වන වගන්තිය අනුව එනම්,

” ආණ්ඩුවට අයුතු සහගත ලෙස හෝ නීති විරෝධී ලෙස පාඩු සිදු කිරිමේ හෝ තමා වෙත හෝ යම් තැනත්තෙකු වෙත අයුතු සහගත ලෙස හෝ නීති විරෝධී ලෙස අර්ථලාභයක්, අනුග්‍රහයක් හෝ වාසියක් සිදු කිරිමේ චේතනාවෙන්, හෝ ආණ්ඩුවට යම් තැනත්තෙකුට අයුතු සහගත ලෙස හෝ නීති විරෝධී ලෙස පාඩු සිදු විය හැකි බව නැතහොත් යම් තැනත්තෙකුට අයුතු සහගත ලෙස හෝ නීති විරෝධී ලෙස අර්ථලාභයක්, අනුග්‍රහයක් හෝ වාසියක් සැලසෙන බව දැන දැනම පහත දැක්වෙන යම් ක්‍රියාවක්, එනම් එහි

(අ) රජයේ සේවකයකු වශයෙන් වු ස්වකීය ධූරය ප්‍රකාර කිරිමට තමාට බලය පැවරි ඇති යම් ක්‍රියාවක් කරන හෝ කිරීමෙන් වැලකී සිටින;

(ආ) රජයේ සේවකයකු වශයෙන් වු ස්වකීය ධූරය ප්‍රකාර කිරිමට වෙනත් යම් රජයේ සේවකයකුට බලය පැවරි ඇති යම් ක්‍රියාවක් ඉටු කිරිමට හෝ ඉටු කිරීමෙන් වැලකි සිටිමට, වෙනත් යම් රජයේ සේවකයකු පොලොවබන;

(ඇ) රජයේ සේවකයකු වශයෙන් වු ස්වකීය ධූරය ප්‍රකාර කිරිමට තමාට දැනගැනීමට ලැබෙන යම් තොරතුරක් පාවිච්චි කරන;

(ඈ) රජයේ සේවකයකු වශයෙන් වු ස්වකීය ධූරය ප්‍රකාර යම් තීරණයක් ගැනිමෙහි ලා සහභාගි වෙන;

(ඉ) රජයේ සේවකයකු වශයෙන් වු ස්වකීය ධූරය කෙලින්ම හෝ අන්‍යාකාරයකින් හෝ පාවිච්චි කිරීමෙන් යම් ක්‍රියාවක් ඉටු කිරිමට හෝ ඉටු කිරීමෙන් වැලකී සිටීමට වෙනත් යම් තැනත්තකු පොලොවබන;

යම් රජයේ සේවකයකු දූෂණය පිලිබඳ වරද සම්බන්ධයෙන් වරදකරු විය යුතු අතර, මහේස්ත්‍රාත්වරයෙකු විසින් පවත්වනු ලබන ලඝු නඩු විභාගයකින් පසු වරදකරු කරනු ලැබු විට අවුරුදු 10 ක් නොඉක්මවන කාලයක් සඳහා බන්ධනාගාර ගත කිරිමකට සහ රුපියල් එක් ලක්ෂයක් නොඉක්මවන දඩයකට හෝ ඒ බන්ධනාගාරගත කිරිම සහ දඩය යන දඩුවම් දෙකට ම හෝ ඔහු යටත් විය යුතුය” යන්න ශ්‍රීලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ පාර්ලිමේන්තුවේ 1994 අංක 20 දරන අල්ලස් (සංශෝධන) පනතේ සඳහන් වේ.

ඒ අනුව ඉහත නම් සඳහන් පාර්ලිමේන්තුව මන්ත්‍රීවරුන් 5 දෙනා ඔහුන් විසින් ඉහත චෝදනාවන්ට සම්බන්ධව වැරදිකරුවන් ලෙසට තහවුරු වුවහොත් ඒ අනුව ඔහුන් අල්ලස් (සංශෝධනය) පනත හි 70 වන වගන්තිය අනුව දූෂණය නම් වරද සිදු කොට ඇත. එහෙත් රහස් පොලිසිය වෙත දැනට ලැබි ඇති සාක්ෂි අනුව මොවුන් 5 දෙනා සම්බන්ධව අනිවාර්යයෙන්ම අල්ලස් හා දූෂණ කොමිෂන් සභාව විසින් විමර්ශනයක් සිදු කොට නඩු පැවරිමට අවශ්‍ය ප්‍රමාණවත් සාක්ෂි වාර්තා කොට ඇත. ඒ අනුව මෙවැනි වැදගත් සාක්ෂි මත අල්ලස් හා දූෂණ කොමිෂන් සභාව නඩු පවරන්නේ නම් නඩුව අවසන් වනතුරු ආයතන සංග්‍රය අනුව සියලු මන්ත්‍රීවරුන් තාවකාලිකව එම ධූරයෙන් ඉවත් කිරිමට පත්විම් බලධාරීන්ට අයිතිය හිමිය.

වීඩියෝව මෙතනින්..

No comments:

Post a Comment

Post Bottom Ad