නාමල්-සුජීව ගැටුමෙන් මැතිසබය රත්වෙයි - ..‘‘කුරක්කන් සාටකේ නෙමෙයි ඕකෙන් දාගන්නවා බෙල්ලේ වැල..කන්නාඩියෙන් වඳුරු මූණක් පෙනෙයි ඒ ඔයාගේ කියලා තේරෙයි..‘‘ - වීඩියෝව මෙන්න - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, November 17, 2017

නාමල්-සුජීව ගැටුමෙන් මැතිසබය රත්වෙයි - ..‘‘කුරක්කන් සාටකේ නෙමෙයි ඕකෙන් දාගන්නවා බෙල්ලේ වැල..කන්නාඩියෙන් වඳුරු මූණක් පෙනෙයි ඒ ඔයාගේ කියලා තේරෙයි..‘‘ - වීඩියෝව මෙන්න

මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන මහේන්ද්‍රන්, ඔහුගේ බෑනා වන පර්පෙචුවල් ට්‍රෙෂරීස්‌ සමාගමේ අයිතිකරු අර්ජුන් ඇලෝසියස්‌, හිටපු මුදල් ඇමැති රවි කරුණානායක, පර්පෙචුවල් ට්‍රෙෂරීස්‌ සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි කසුන් පලිසේන ඇතුළු කොමිසම හමුවේ නම් සඳහන් වූ පුද්ගලයන් කීප දෙනකු අතර හුවමාරු වූ දුරකථන පණිවුඩ අදාළ තොරතුරු රැසක්‌ ඇතුළත් කොට සකස්‌ කරන ලද වාර්තාවක්‌ රහස්‌ පොලිසිය විසින් ඊයේ (16 දා) බැඳුම්කර කොමිසමට ඉදිරිපත් කළේය.

දුරකථන පණිවුඩ හුවමාරු කරගත් පුද්ගලයන්ගේ නම් දුරකථන අංක ගතවූ කාලසීමාව ඇතුළත් කොට එම වාර්තාව සකස්‌ කළේ රහස්‌ පොලිස්‌ අධ්‍යක්‌ෂවරයාට බැඳුම්කර ජනාධිපති කොමිසමෙන් ලැබුණු නියෝගයක්‌ උඩ බව ද මෙහිදී සඳහන් විය. කෙසේ වෙතත් පාර්ලිමේන්තුව ඊයේ සවස් කාලයේ දැඩි ලෙස උණුසුම් වූයේ රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ මහතා සහ ඒකාබද්ධ විපක්ෂයේ නාමල් රාජපක්ෂ, කාංචන විජේසේකර මන්ත්‍රිවරුන් සමඟ ඇති වූ උණුසුම් කතාබහ හේතුවෙනි.

අර්ජුන් ඇලෝසියස්ට 47 වතාවක් සුජීව සේනසිංහ මහතා දුරකතන ඇමතුම් ලබාදී ඇති බව බැඳුම්කර කොමිසමේදී හෙළි වී තිබෙන බව කාංචන විජේසේකර මහතා පැවැසුවේය. ඊට ප්‍රතිචාර දක්වමින් සුජීව සේනසිංහ රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේ කාංචන විජේසේකර මහතාගේ පියා මහින්ද විජේසේකර මහතා අක්‍රමිකතා රැසක් සිදු කර තිබෙන බවයි.

‘‘..මල්ලි ඔයාගේ තාත්තා ගැහුව ගැහිල්ලා මම කතා කරන්නේ නෑ ඒ ගැහිල්ලෙන් තමා අද ඔයා ගෙවල් අරන් ඉන්නේ අපේ ආදායම් ගැන අපි ඉදිරිපත් කරලා තියෙන්නේ..‘‘

මෙහිදී නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාද මේ සම්බන්ධයෙන් අදහස් දැක්වීය.

..ෂැංග්‍රිලා අපි බද්දට දුන්නේ. ඔබතුමාලා වගේ සින්නකර දුනනේ නෑ. සින්නකර දුන්නා විතරක් නෙමෙයි ක්‍රිෂ් එකෙන් ඔබතුමා කීයක් ගත්තද?මිලියන 400 දාගත්තේ නැද්ද?නීති විද්‍යාලයේ එක්සෑම් පාස් වුනේ කොහොමද හොරකම් කරා විතරක් නෙමෙයි විභාගත් හොරකම් කරලා විභාගෙට ඉඳගත්තේ ඒසී කාමරේක ලැජ්ජා නැද්ද නීතීඥවරයෙක් වෙන්න.එන්න පුලුවන්ම් ගන්න අධිකරණ තුනක් දානවා..සිවිල් නාඩු විධාන සංග්‍රාහයේ ඕනම වාක්‍ය දෙකක් කියනවා.. ඩේසි ආච්චිට ඉන්න දෙන්නේ නෑ ලැජ්ජා නැති තුට්ටු දෙකේ උන් කුරක්කන් සාටකේ නෙමෙයි ඕකෙන් දාගන්නවා බෙල්ලේ වැල.පට්ටහොරු වෙලා කතා කරන්නේ නැතුව...‘‘ යනුවෙන් ඊට පිළිතුරු දුන් සුජීව සේනසිංහ අමාත්‍යවරයා පැවසීය.

වීඩියෝව පහතින් නරඹන්න...

No comments:

Post a Comment

Post Bottom Ad