අරක්කු මිල ඊයේ සිට වැඩි කලත් බියර් මිල අඩු නොකිරීමෙන් පාරිභෝගිකයා ගසා කෑමට වෙළෙන්දන්ට ඉඩ දී සුරා බදු අධිකාරිය හා පාරිභෝගික අධිකාරිය නින්දට වැටී ඇති බව පාරිභෝගිත අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය සදහන් කරයි.
මේ බව සදහන් කරමින් එම සංගමය විසින් නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනය මෙසේය.
අරක්කු මිල වැඩි කලත් බියර් මිල අඩු නොකිරීමෙන් පාරිභෝගිකයා ගසා කෑමට වෙළෙන්දන්ට ඉඩ දී සුරා බදු අධිකාරිය හා පාරිභෝගික අධිකාරිය නිදි!
2018 වසරේ අය වැයට අනුව මධ්‍යසාර වල සැර අනුව නිෂ්පාදනයේ මිල තීරණය වන අතර බියර් මිල අඩු කර ඇත. 11 දින සිට අරක්කු මිල වැඩි කිරීමට අදාල සමාගම් කටයුතු කල අතර සුපිරි වෙළදසැල් විසින් අරක්කු මිල වැඩි කර ඇති නමුත් බියර් මිල අඩු කර නැත. අප රටේ ව්‍යාපාරිකයින් හැමදාම සිදුකරන්නේ කිසියම් භාණ්ඩයක මිල වැඩි කල සැණින් භාණ්ඩ මිල වැඩි කිරීමත් භාණ්ඩයක මිල අඩු කල විට භාණ්ඩ මිල අඩු නොකිරීමට කටයුතු කිරීමත්ය.
එහෙත් අදාල ක්ෂත නියාමනයට සිටිනා පාරිභෝගික අධිකාරිය හා සුරාබදු අධිකාරිය ව්‍යාපාරිකයින්ට රිසි සේ පාරිභෝගිකයා ගසා කෑමට ඉඩ දී සුව නින්දේය. මුදල් ඇමතිතුමනි ඔබගේ මංගල අය වැය අවමංගල අය වැයක් වීමට ඉඩ දුන්න හොත් පාරිභෝගිකයා එය මංගලගේ අවමංගල අය වැය කීම නැවැත්විය නොහැක.
ස්තුතියි,
මෙයට
රංජිත් විතානගේ
සභාපති
Monday, November 13, 2017
අරක්කු එදිනම වැඩි කලත් බියර් මිල අඩු කර නෑ..
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment