‘සොත්ති උපාලි හිටියනං ටෙස්ට් කැප්ටන්සිය දෙන්න තිබුණා..අපි නොදන්න චෙස් ‘…හිටපු ක‍්‍රිකට් ක‍්‍රීඩකයකු තැබු අපූරු සටහන මෙන්න - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, November 23, 2017

‘සොත්ති උපාලි හිටියනං ටෙස්ට් කැප්ටන්සිය දෙන්න තිබුණා..අපි නොදන්න චෙස් ‘…හිටපු ක‍්‍රිකට් ක‍්‍රීඩකයකු තැබු අපූරු සටහන මෙන්න

නිමාවූ ශ්‍රී ලංකා – ඉන්දියා පළමු ටෙස්ට් තරඟයේ අවසන් දිනයේ ශ්‍රී ලංකා පිතිකරු නිරෝෂන් දික්වැල්ල සහ ඉන්දීය වේගපන්දු යව ක්‍රීඩක මොහොමඩ් ශමී අතර ඇතිවු උණුසුම්කාරී තත්වය  මේ වන විටත් කාගෙත් දැඩි කතාබහට ලක්වන කරුණකි.

මේ පිළිබදව දෙස් විදෙස් ක‍්‍රීඩකයින් මෙන්ම විචාරකයින්ද විවිධ අදහස් පළකර සිටි අතර ඇතැමි අන්තර්ජාල මාධ්‍ය වර්තා කර තිබුණේ ප‍්‍රතිවාදීන් සමග තරගකාරී ලෙස ක‍්‍රීඩා කරන නිරෝෂන් දික්වැල්ල හට එක්දින නායකත්වය ලබාදිය යුතු බවයි.

කෙසේ වෙතත් එම මාධ්‍ය වාර්තා කර තිබු දෑ පිළිබදව අපූරු ෆේස්බුක් සටහනක් යොදමින් හිටපු ක‍්‍රිකට් ක‍්‍රීඩකයකු වන අතුල සමරසේකර පවසා තිබුණේ මෙවන් අදහසක්..

අපේ උනුත් මාර බඩු බං …
අපේම එකෙක් ඉන්දියා තරඟෙදි
පිටිය මැද බෝලර් එක්ක
වලියක් අැද ගත්‍ත කියල
ඒකාට වන්ඩේ කැප්ටන් කම දෙන්න ඕන කියන්නෙ …
අපරාාාදෙ බං …
සොත්ති උපාලිය හිටියනං
ටෙස්‍ට් කැප්ටන්සිය දෙන්න තිබ්බ …
අනෙක් උන් කට වහං බෝල් කරයි
ස්ලිප් එකට වැලිකඩින් ගැනිසියකුත් දැම්මනං
බැට්ස්මන් බැට් එක උස්සන එකකුත් නෑ …
අැයි බං ඩප්පි සාක්කුවෙනෙ …
අපි නොදන්න චෙස් …

No comments:

Post a Comment

Post Bottom Ad