තිසරගේ සුපිරි පන්දුවාරය රයිඩර්ස් කණ්ඩායමට නොතිබු ජයක් හිමිකරදෙයි (VIDEO) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, November 21, 2017

තිසරගේ සුපිරි පන්දුවාරය රයිඩර්ස් කණ්ඩායමට නොතිබු ජයක් හිමිකරදෙයි (VIDEO)

බංගලාදේශ ප‍්‍රිමියර් ලීග් තරගාවලියේ ෂිලාත් සික්සර්ස් කණ්ඩායම සමග ඩකා හීදිී ඊයේ පැවැති තරගයෙන් ලකුණු 07ක විශිෂ්ට ජයක් ලැබීමට තිසර පෙරේරා නියෝජනය කරන රාන්පූර් රයිඩර්ස් කණ්ඩායම සමත් විය. මෙවර තරගාවලියේ 22වැනි තරගය ලෙස ක‍්‍රියාත්මක වුනු මෙම තරගයේ කාසිය වාසිය දිනු ෂිළාත් කණ්ඩායමේ නායක නසීර් හුසේන් පළමු පන්දුවර පහරදීමට රයිඩර්ස් කණ්ඩායමට ඇරයුම් කළහ.

ඒ අනුව ඉනිම ඇරඹූ විස්සයි විස්ස අකෘතියෙහි භයානකම ආරම්භක පිතිකරු යුගලය ලෙස සැලකෙන නවසීලන්තයේ බ්‍රෙන්ඩන් මැකලම් හා බටහිර ඉන්දීය කොදව් ක‍්‍රීඩක ක‍්‍රිස්ගේල් පළමු කඩුල්ල වෙනුවෙන් පන්දු 52කදී ලකුණු 80ක් සිය කණ්ඩායම එක් කළ අතර මැකලම් නසීර් හුසේන්ගේ පන්දුවකට ලැම් ප්ලන්කට් අතට උඩපන්දුවක් ලබා දෙමින් දැවී යන විට පන්දු 21කදී හයේ පහර 03ක්හා හතරේ පහර 03ක් සහිතව ලකුණු 33ක් රැස් කරගෙන සිටියහ.

අනතුරුව අබුල් හසන් එවු පන්දුවක් කෙලින්ම කඩුල්ලේ දැවටීමෙන් ක‍්‍රිස් ගේල් ගේ ඉනිම නිමාවට පත්වු අතර පාකිස්තානු සුපිර් ලීග් තරගාවලියේ වෙන්දේසියේදී අලෙවි නොවුනු ගේල් හයේ පහර 05ක් හා හතරේ පහර 02ක් සමගින් ලකුණු 50ක් ලබා ගත්හ.අවසන් භාගයේදී පිටියට පැමිණි රවී බෝපාරා ප‍්‍රහාරාත්මක ඉනිමක් දියත් කරමින් පන්දු 12කදී ලකුණු 28ක් රැස් කරමින් රාන්පුර් රයිඩර්ස් කණ්ඩායමේ ලකුණු පුවරුව ඉහළට ඔසවා තැබීමට සමත් විය.ඊයේ තරගයේදී පිතිකරණයේ උසස්වීමක් ලද තිසර පෙරේරා හට ලබාගත හැකි වුයේ ලකුණු 15ක් පමණි

ජයග‍්‍රහණය සදහා ලකුණු 170ක දැවැන්ත ලකුණු පුවරුවක් හඹා යාමට පිටියට පිවිසුණු ෂීලාත් කන්ඩායමේ ආරම්භක කඩුලු 03ම ලකුණු 25ක් තුළ දවා ගැනීමට ගැනීමට රයිඩර්ස් පන්දුයවන්නන් සමත් වුණු අතර තරගාවලිය පුරාම සාර්ථක පිතිහරඹයක් දියත් කළ ධනුෂ්ක ගුණතිලක හට මෙම තරගයේදී ලබා ගත හැකි වුයේ ලකුණු 08ක් පමණි.සොහාග් ගාසි එවු පන්දුවක් කෙලින්ම කඩුල්ලේ දැවටීමෙන් ධනුෂ්ක දැවී යන විට දැවැන්ත හයේ පහරකින් පිටිය අළංකාර තිබිණ.

අනතුරව අසරණ වුණු ෂිලාත් කණ්ඩායමේ ඉනිම ගොඩනැගීමේ වගකීම කර මතට ගත් නායක නසීර් හුසේන් සහ සබ්බීර් රෙහමාන් සිවැවැනි කඩුල්ලට ලකුණු 117ක විශිෂ්ට සම්බන්ධතාවක් පවත්වමින් ගිලිහී ගිය තරගයට යළි සියතට ගැනීමට සමත් විය. ජයග‍්‍රහණය පෙනෙන මානයේ සිටි ෂීලාත් කණ්ඩායමේ ස්ථාවර පිතිකරුවන් දෙදෙනාම දැඩි පීඩනකට පත් කරමින් 16 වැනි පන්දුවාරයේ සිට තරගයට අවතීර්ණ වුණු රයිඩර්ස් පන්දුයවන්නන් සිය කණ්ඩායමට නොතිබු ජයක් හිමිකරදීමට සමත් වූහ.එක් අන්තයක තනිවුණු නායක නසීර් හුසේන් නොදැවී ලකුණු 50ක් රැස් කිරීමට සමත් වුවත් එය කණ්ඩායමේ ජයග‍්‍රහණය සදහා ප‍්‍රමාණවත් නොවීය

පළමු පන්දුවාර 02ක තුළ දැඩි ප‍්‍රහාරයක ලක්ව සිටි තිසර පෙරේරා ඉනිමේ 18 වැනි පන්දුවාර ක‍්‍රියාත්මක කරමින් ලකුණු 07ක් පමණක් ලබා දී  ප‍්‍රහාරාත්ම ඉනිමක් දියත් කරමින් ලකුණු 70ක් ලබා සිටි සබ්බ්ර් රෙහෙමාන් ගේ කඩුල්ල දවා ගනිමින් ෂීලාත් කණ්ඩායමට ලැබීමට තිබු ජයග‍්‍රහණය අඩපණ කළ අතර අවසාන පන්දුවාරයේ පළමු පන්දු 04 තුළ ලකුණු 02ක් පමණක් ලබාදෙමින් රාන්පුර් රයිඩ්ර්ස් කණ්ඩායමේ ජය තවහුරු කළහ. තරගයේ විරයා සම්මානය කොදව් ක‍්‍රීඩක ක‍්‍රිස් ගේල් හට හිමිවිය.

No comments:

Post a Comment

Post Bottom Ad