මංගලගේ මංගල අයවැයෙන් අඩුකළ ‘බියර් මිළ’ යළි ඉහළට.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, November 22, 2017

මංගලගේ මංගල අයවැයෙන් අඩුකළ ‘බියර් මිළ’ යළි ඉහළට..

මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා බියර් මිල අඩුකිරීමට අයවැයෙන් ඉදිරිපත් කළ යෝජනාව  වෙනස්වීමට ඉඩ තිබෙන බව රජයේ කැබිනට් සම ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවසීය. 

මේ සම්බන්ධව වෛද්‍ය සංගම් ඇතුළු විවිධ පාර්ශ්ව විරෝධය පළ කර තිබෙන බැවින් ඒ  සම්බන්ධව  ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමඟ දීර්ඝව සාකච්ඡා කළ බවද ඇමතිවරයා සඳහන් කළේය. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී අද (22දා) පැවැති රජයේ කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් ඒ මහතා මෙසේ පවසා සිටියේය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ  අමාත්‍යවරයා පවසා සිටියේ  අයවැය තුන්වැනි වර කියවා සම්මත කරන අවස්ථාව වනවිට බියර් මිල යළිත් වැඩිවීමට ඉඩ  ඇති බවයි.

කොළඹ විශ්වවිද්‍යාලයෙන් සිදුකළ පර්යේෂණයක ප්‍රතිඵල  අනුව  බියර් මිල අඩුකර ඇතැයි අයවැය මගින් ප්‍රකාශ වුවද එක්තරා මහාචාර්යවරයෙකු විසින් පෞද්ගලිකව ලබාදුන් වාර්තාවක් අනුව එම තීරණය ගෙන ඇති බවත්, ලෝකයේ කිසිම රටක බියර් මිල අඩු කළ විට සැර මත්පැන් පරිභෝජනය අඩුවීමක් සිදුවී නොමැති බවද පවසා සිටියේය.

No comments:

Post a Comment

Post Bottom Ad