‘මැතිවරණ සටන වෙනුවෙන් ඕනෑම පාර්ශවයක් සමග ඒකාබද්ධ වීමට සූදානම්’ ..ජවිපෙ අනුරගෙන් පාර්ලිමෙන්තුවේදී ආණ්ඩුවට බර අවි ප‍්‍රහාරයක් (VIDEO) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, November 22, 2017

‘මැතිවරණ සටන වෙනුවෙන් ඕනෑම පාර්ශවයක් සමග ඒකාබද්ධ වීමට සූදානම්’ ..ජවිපෙ අනුරගෙන් පාර්ලිමෙන්තුවේදී ආණ්ඩුවට බර අවි ප‍්‍රහාරයක් (VIDEO)

වත්මන් ආණ්ඩුව මැතිවරණය කල්දැමීමට සදහා ඉති වංචනික ලෙස උපක‍්‍රම යොදමින් සිටින බව ජවිපෙ නායක අනුර කුමාර දිසානායක මහතා අද පාර්ලිමේන්තුවේදී පැවසීය. සියලු ප‍්‍රකාශ සාක්ෂි සාධක සහිතව ඉදිරිපත් කළ මන්ත‍්‍රීවරයා ඉතා අවේගශීලීව කරුණු දැක්වීම සිදු කළ අතර ආණ්ඩුවේ කිසිදු ඇමතිවරයකුගෙන් හෝ මන්ත‍්‍රීවරකුගෙන් කිසිදු බාධාකිරීමක් සිදු නොවීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වු මන්ත‍්‍රීවරයා පවසා සිටියේ දේශපාලනයේ කොතෙක් මතභේද,වෙනස්කම් පැවතියත් මැතිවරණය දිනා ගැනීමේ සටන වෙනුවෙන් ඕනෑම පර්ශවයක් සමග ඒකාබද්ධ වීමට තම පක්ෂය කැමති බව සහතිකයක් ලබා දෙන බවයි. අද පාර්ලිමේන්තුවේදි පාර්ලිමේන්තුවේ දී කෘෂිකර්මල පරිසරල වාරිමාර්ග හා ප්‍රාථමික කර්මාන්ත යන අමාත්‍යාංශවල වැයශීර්ෂ විවාදයට සහභාගී වෙමින් මන්ත‍්‍රිවරයා අදහස් දැක්වීය.

No comments:

Post a Comment

Post Bottom Ad