විමල් වීරවංශගේ පක්‍ෂයේ ප‍්‍රධාන ලේකම් ඉල්ලා අස්වේ.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, November 21, 2017

විමල් වීරවංශගේ පක්‍ෂයේ ප‍්‍රධාන ලේකම් ඉල්ලා අස්වේ..

පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතාගේ නායකත්වයෙන් යුතු ජාතික නිදහස් පෙරමුණේ ප‍්‍රධාන ලේකම් ලෙස කටයුතු කල ප‍්‍රියන්ජිත් විතාරණ මහතා එම ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.

අද පස්වරුවේ පැවති එම පක්‍ෂ දේශපාලන මණ්ඩලයට ලිඛිතව සිය ඉල්ලා අස්වීම බාර දී ඇති බවද වාර්තා වෙයි. ජාතික නිදහස් පෙරමුණේ ප‍්‍රකාශකයෙකු කියා සිටියේ සෞඛ්‍යමය හා පුද්ගලික හේතුන් මත ප‍්‍රියන්ජිත් විතාරණ මහතා එම ධුරයෙන් ඉල්ලා අස්වන බව පක්‍ෂයට දන්වා ඇති බවයි.

මේ අතර ප‍්‍රියන්ජිත් විතාරණ මහතාගේ ෆේස්බුක් ගිණුමේ ඔහු විසින් සටහනක් තබා ඇත්තේ අද දින පටන් තමන් ජාතික නිදහස් පෙරමුණු ප‍්‍රධාන ලේකම් ධුරයෙන් ඉල්ලා අස්වන බවත් සහාය දුන් සියල්ලන්ට ස්තුතිය පල කරන බවත්ය.

No comments:

Post a Comment

Post Bottom Ad