ලොව හොදම කායවර්ධන තරගයට ඇමෙරිකාවට යන අපේ ලූෂන්ට ශ්‍රී ලංකාවෙන් පෙත්සම් , තරග කිරීම වලක්වන්න ශ්‍රී ලංකාවෙන්ම බොරු චෝදනා .! - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, November 22, 2017

ලොව හොදම කායවර්ධන තරගයට ඇමෙරිකාවට යන අපේ ලූෂන්ට ශ්‍රී ලංකාවෙන් පෙත්සම් , තරග කිරීම වලක්වන්න ශ්‍රී ලංකාවෙන්ම බොරු චෝදනා .!

දකුණු කොරියාවේ පැවැති ආසියානු කායවර්ධන තරගයේ ප්‍රථම ස්ථානය  ලූෂන් පුෂ්පරාජ් දිනා ගත්තේ ශ්‍රී ලංකා කායවර්ධන සම්මේලනය මගින් ඔහුට තරග තහනමක් පවා පනවා තිබියදී.

කෙසේ වෙතත් ආසියානු කායවර්ධන ශූරයා ලෙස ලෝකයේම ජනප්‍රියව සිටින ලූෂන් පුෂ්පරාජ්ට , ලොව ප්‍රධානතම කායවර්ධන ශූරතාවලියක් සදහා ඇරයුම් ලැබී තිබෙනවා. ඒ ඇමෙරිකාවේ ටෙක්ස්සාස් හී පැවැත්වෙන "මිස්ටර් ඇන්ඩ් මිස් ඇට්ලස්" ශූරතාවලියයි. මිස්ටර් ඇට්ලස් තරගාවලිය යනු ලොව එදා මෙදාතුර බිහිවූ සුපිරිතම කායවර්ධන ශූරයන් වන ආර්නොල්ඩ් ස්වාසනගර්, ජේ. කට්ලර්,රොනි කෝල්මන්, ලී හෙනී, ඩෙක්ස්ටර් ජැක්සන්, කෙවින් ලිවෝන් වැනි සුපිරි කායවර්ධන ශූරයන් බිහිකළ හා තරග කළ තරගාවලියකි.

කෙසේ වෙතත් ලොව ප්‍රමුඛතම තරගාවලියේ ශ්‍රී ලංකාව නියෝජනය කරමින් තරග වැදීමට යන ලූෂන් පුෂ්පරාජ් මවුබිම වෙනුවෙන් දිරිමත් කිරීම වෙනුවට ශ්‍රී ලංකා කායවර්ධන සම්මේලනය ලූෂන්ට මෙම තරගාවලිය තරග කිරීමට නොහැකි වන ලෙස කටයුතු කරන බව වාර්තා වනවා. මේ පිළිබදව මාධ්‍යයට අදහස් දක්වන ලූෂන් පුෂ්ප‍රාජ් පවසන්නේ  ඇමෙරිකාවේ තරගයට සහභාගී වීම වැලක්වීම සඳහා ඔහුට ශ්‍රී ලංකාවෙන් එරෙහිව පෙත්සම්  ගසා ඇති බවයි. එම නිසාම ඔහුට ඇමෙරිකා එක්සත් ජනපදය වෙත යාමට වීසා ලබා ගැනීමට අපහසු වූ බවත් ලූෂන් මාධ්‍යයට පවසනවා. 

වැඩිදුරටත් මේ පිළිබදව අදහස් දක්වන ලූෂන් පුෂ්පරාජ් 

"ඒ ගොල්ලො මගෙන් ඇහුවා ඔයා ලංකාවේ තහනම්ද?  ඔයාට මීට් කරන්න අවසර තියෙනවාද?  තහනම් උත්තේජක ගන්නවාද? වගේ ගොඩක් දේවල් ගැන. ඉතිං මේ තහනම් සහ චෝදනා ගැන කතාකරන්නේ සහ දන්නේ ලංකාවේ ‍‍ෆෙඩරේෂන් එක විතරයි. ඒ නිසා මට හොඳටම විශ්වසයි ඒ අය තමයි මේ වෙලාවෙත් මගේ කකුලෙන් අදින්නේ කියලා" යැයි කියා සිටියා.

කෙසේ වෙතත් ලූෂන් පුෂ්පරාජ්ගේ අනුග්‍රහාකයාගේ බලවත් උත්සාහය නිසා ලූෂන් පුෂ්පරාජ්ට ඇමෙරිකාවට යාම සදහා මේ වනවිට වීසා සම්මත වී තිබෙන අතර  එලබෙන 25 වැනිදා  තරගය පැවැත්වෙනු ඇත.

No comments:

Post a Comment

Post Bottom Ad