ගෝඨා අත්අඩංගුවට ගැනීමට නීතිපතිගේ අනුමැතිය. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, November 23, 2017

ගෝඨා අත්අඩංගුවට ගැනීමට නීතිපතිගේ අනුමැතිය.

ආරක්‍ෂක අමාත්‍යංශයේ හිටපු ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා වහාම අත්අඩංගුවට ගැනීම සඳහා නීතිපතිවරයා විසින් පොලිස්පතිවරයාට අනුමැතිය ලබාදී ඇතැයි පොලිස් මුලස්ථාන ආරංචිමාර්ග වලින් වාර්තාවේ.

ඒ, සිය දෙමාපියන් වූ ඩී.ඒ. රාජපක්‍ෂ මහතාගේ සහ එම මැතිනියගේ සොහොන් කොත් නවීකරණය කිරීම සඳහා රජයේ මුදල් රුපියල් ලක්ෂ නවසීයක (900) මහජන මුදල් අවභාවිත කිරීමේ චෝදනාව මතය.

රාජ්‍ය මුදල් පෞද්ගලික ඉදිකිරීමක් සඳහා වැය කිරීම ..

මීට වසර කිහිපයකට පෙර ඉඩම් ගොඩකිරීමේ සහ සංවර්ධනය කිරීමේ අධිකාරිය ආරක්ෂක අමාත්‍යංශය යටතේ තිබියදි එම අධිකාරිය හරහා රුපියල් කෝටි නවයක පමණ මුදලක් ලබාගෙන ඩී. ඒ. රාජපක්ෂ පදනම හරහා එම සොහොන් කොත් ඉදිකිරීම වීරකැටිය ව්‍යාපෘතිය නමින් සිදු කර ඇති බව මුල්‍ය අපරාධ කොට්ඨාශය පවසයි.

මුළ්‍ය අපරාධ කොට්ඨාශයට ලැබුණ පැමිණිල්ලක් මත එම කොට්ඨාශයේ නිලධාරී එම ව්‍යාපෘතියට අදාළ ස්ථානය වෙත ගොස් පරීක්ෂා කර බලා අනතුරුව පරීක්ෂණ සිදු කර ඇති බවත් මේ වන විටත් රජයේ මුදල් යොදා එම සොහොන් කොත් හා ඒ අවට පරිසරය අලංකාර කර ඇති බව අනාවරණය වි ඇති බවත් වාර්තා වෙයි. මේ සම්බන්ධයෙන් පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාස ඒකකය පරීක්‍ෂණ ආරම්භ කිරීමත් සමඟ ලක්‍ෂ 250ක මුදලක් රජය වෙත ගෙවා ඇති බව හෙළිව තිබේ.

පොලිස්පතිට බලපෑම් !

කෙසේවුවද ගෝඨාභය රාජපක්‍ෂ මහතා අත්අඩංගුවට නොගන්නා ලෙස ආණ්ඩුවේ ප්‍රධාන පාර්ශව දෙකේම ප්‍රබලයින් කිහිප දෙනෙකුගෙන් පොලිස්පතිවරයාට බලපෑම් එල්ලවී ඇතැයි ද ඉහත ආරංචිමාර්ග වැඩිදුරටත් කියා සිටියි. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හා ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතර එකඟත්වය ඇති කිරීම සඳහා ගෝඨාභය රාජපක්‍ෂ මහතා පසුගිය කාලයේ මහත් වෙහෙසක් දරා තිබිණ.

infosrilankanews.com

No comments:

Post a Comment

Post Bottom Ad