පොලාඩ්ගේ දැවැන්ත ප‍්‍රහාරයෙන් ඩකා කණ්ඩායමට තවත් දිනුමක්.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, November 18, 2017

පොලාඩ්ගේ දැවැන්ත ප‍්‍රහාරයෙන් ඩකා කණ්ඩායමට තවත් දිනුමක්..

බංගලාදේශ් ප‍්‍රිමියර් ලීග් තරගාවලියේ රාජ්ෂාහි කිංග්ස් කණ්ඩායම සමග පැවැති කරගයෙන් ලකුණු 68ක විශිෂ්ට ජයක් ලැබීමට කුමාර් සංගක්කාර නියෝජනය කරන ඩකා ඩයිනමයිට්ස් කණ්ඩායම අද සමත් විය. මෙවර තරගාවලියේ 19වැනි තරගය ලෙස ක‍්‍රියාත්මක වුනු මෙම තරගයේ  රාජ්ෂාහි කිංග්ස් කණ්ඩායමේ ඇරයුමෙන් පළමුව පන්දුවට පහරදුන් ඩකා කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළදී කඩුලු 07ක් දැවී ලකුණු 201ක් ලබා ගැනීමට සමත් වුහ.

එහිදී ප‍්‍රවේගකාරී පිතිහරඹයක නිරත වු ආරම්භක පිතිකරු එවින් ලුවිස් එක් හයේ පහරක් හා හතරේ පහර 10ක් සමගින් ලකුණු 65ක් ලබාගත් අතර ලුවිස් ගත් ආරම්භයට ප‍්‍රවේගකාරී අවසානයක් ලබාදුන් කිරන් පොලාඩ් පන්දු 25කදී හයේ පහර 03ක් හා හතරේ පහර 05ක් සමගින් ලකුණු 52ක් රැස් කළහ. ශ‍්‍රී ලංකාවේ සුපිරි පිතිකරු කුමාර් සංගක්කාර පන්දු 22කදී හතරේ පහර 03ක් සමගින් ලකුණු 28ක් ලබාගැනීමට සමත් විය.

අනතුරුව ජයග‍්‍රහණය සදහා ලකුණු 202ක දැවැන්ත ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි රාජ්ෂාහි කණ්ඩායමට පන්දුවාර 18යි පන්දු 02ක් තුළදී සියල්ල දැවී ලබාගත හැකි වුයේ ලකුණු 133ක් පමනි. රාජ්ෂාහි කණ්ඩායම වැඩිම ලකුණු ලාභියා වු සකීර් හසන් එක් හයේ පහරක් හා හතරේ පහර 05ක් සමගින් ලකුණු 36ක් රැස් කළහ. පන්දුයැවීමේදී ඩකා කණ්ඩායම වෙනුවෙන් ෂහීඩ් අෆ්රිඩී සිය පන්දුවාර 04තුළ ලකුණු 26කට කඩුලු 04ක් දවා ගත් අතර අබු හේදර් ලකුණු 11කට කඩුලු 03ක් දවා ගනිමින් සිය කණ්ඩායම ජයග‍්‍රහණය වෙත කැදවාගෙන ගියහ.

No comments:

Post a Comment

Post Bottom Ad