කොටි සොහොන් හදන්න පාර්ලිමේන්තු මන්ත්‍රී වරයෙක් විමධ්‍යගත අරමුදලින් මුදල් දෙයි… - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, November 23, 2017

කොටි සොහොන් හදන්න පාර්ලිමේන්තු මන්ත්‍රී වරයෙක් විමධ්‍යගත අරමුදලින් මුදල් දෙයි…

යුද්ධයේදී මියගිය එල්.ටී.ටී.ඊ සාමාජිකයින් මිහිදන් කර ඇති කිළිනොච්චියේ කනකපුරම් මහවිරු සොහොන් ප්‍රතිසංස්කරණය කිරීම සදහා දෙමළ ජාතික  සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.ශ්‍රීධරන් මහතා විසින් තම විමධ්‍යගත අරමුදලෙන් ලක්ෂ 40ක මුදලක් ලබා දී ඇතැයි වාර්තා වේ.

මන්ත්‍රීවරයාට වෙන්කොට ඇති විමධ්‍යගත අරමුදලෙන් කිළිනොච්චිය දිස්ත්‍රික් සංවර්ධන වැය ශීර්ෂය යටතේ මෙම මුදල ලබා දී ඇත.ඒ සදහා කරච්චි ප්‍රාදේශීය සභාවෙන්ද කිලිනොච්චිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන්ද අවසර ලැබී ඇති බවට දැනගන්නට ඇත.

2009 වර්ෂයේදී මෙම ස්ථානයේ තිබූ සොහොන් බිමේ එල්.ටී.ටී,ඊ.සොහොන් කොත් ඇතුලු සොහොන් පිහිටි භූමියේ තාප්පයක් ඉදිකිරීමටත් මෙම මුදලෙන් සොහොන් බිමේ වැඩකටයුතු සිදු කරන බවට කනක පුරම් සොහොන් බිම නිරීක්ෂණයට පැමිණි ශ්‍රීධරන් මන්ත්‍රීවරයා මාධ්‍යට පවසා ඇත.

ඊට අමතරව මීට පෙර තිබූ ඉවත් කරන ලද සොහොන් කොත් කැලි එකතු කොට මහවිරු ස්මාර්කයක් ඉදිකෙරෙන්නේද කනකපුරම් සොහොන් බිමේදීය. අවසන් වරට පැවති කිලිනොච්චිය දිස්ත්‍රීක් සංවර්ධන කමිටුවේ තීරණයක් සහ අවසරයක්ද ඇතිව මෙම සොහොන ප්‍රතිසංස්කරණය කිරීමට ශ්‍රීධරන් මන්ත්‍රීවරයා ඇතුලු පිරිසක් විසින් පියවර ගෙන ඇත.

– වන්නි රොමේෂ් මධුෂංඛ

No comments:

Post a Comment

Post Bottom Ad