සංගීතවේදී අයිවෝ ඩෙනිස් දැඩි සත්කාර ඒකකයේ - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, November 19, 2017

සංගීතවේදී අයිවෝ ඩෙනිස් දැඩි සත්කාර ඒකකයේ

ගුවන් විදුලි සහ චිත්‍රපට පසුබිම් ගයකයකු සංගීත ගුරුවරයකු සෞන්දර්ය විශ්ව විද්‍යාලයේ උපදේශකයකු ද වූ ජනාධිපති සම්මාන ලාභී අයිවෝ ඩෙනිස් මහතා බරපතල ලෙස රෝගාතුර වී කොළඹ පෞද්ගලික රෝහලක දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකර ලබයි.

කුරුළු පරාදීසයේ කුරුළු සීන සාගරේ ගීතය ගායනා කරමින් සංගීත ලෝකයට අවතීර්ණ වූ අයිවෝ ඩෙනිස් අග්‍රගන්‍ය සංගීත වේදියකු වූ සුනිල් ශාන්තයන්ගේ හඬට බොහෝ සමාන හඬ පෞරුෂයකින් හෙබි ගායකයෙකි. දකුණ නැගෙනහිර, අභිමනනීය වූ, වළාකුළින් බැස වැනි ජනප්‍රිය ගී රැසක් ගායනා කළ අයිවෝ ඩෙනිස් සම්මානනීය සංගීතඥ සුනිල් ශාන්තයන්ගේ ගෝලයකුද වෙයි.

No comments:

Post a Comment

Post Bottom Ad