නාමල්ගේ නඩුවේ විත්තිකාරී ඉරේෂා අබුඩාබි ගිහින් එද්දී කටුනායකදී හසුවේ (video) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, October 10, 2017

නාමල්ගේ නඩුවේ විත්තිකාරී ඉරේෂා අබුඩාබි ගිහින් එද්දී කටුනායකදී හසුවේ (video)

නාමල් රාජපක්ෂ මහතාට අයත් බව කියන ගවර්ස් සමාගමේ අධ්‍යක්ෂවරියක වන 30 හැවිරිදි ඉරේෂා ද සිල්වා අද අලුයම කටුනායක ගුවන්තොටුපළේදී අත්අඩංගුවට පත් වූයේ අයථා මූල්‍ය ගනුදෙනුවක් සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට එරෙහිව විභාග වන නඩුවේ ඇය ද විත්තිකාරියක් වීම හේතුවෙනි.

රතු වරෙන්තු නිකුත් කර තිබුණ ඇය අබු ඩාබි සිට මෙරටට පැමිණි අවස්ථාවේදී අද අලුයම ඇය අල්ලාගත් පසු  පොලිස් මූල්‍ය අපරාධ කොට්ටාසය වෙත රැගෙන ඒමට පියවර ගැණුනු අතර ඇය කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර රුපියල් ලක්ෂයක මුදල් ඇපයක් හා රුපියල් ලක්ෂ 50ක ශරීර ඇපයක් මත නිදහස් කර තිබේ. ඇයගේ විදේශ ගමන් තහනම් කිරීමට ද අධිකරණය නියෝග කළේ ය.

ඇය හසුවූ අවස්ථාවේ වීඩියෝව පහතින්...

No comments:

Post a Comment

Post Bottom Ad