නාමල් රාජපක්‍ෂ ඇතුළු පිරිස තවත් හිරේ දමන්න ඇමති අමරවීර බරට වැඩ.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, October 17, 2017

නාමල් රාජපක්‍ෂ ඇතුළු පිරිස තවත් හිරේ දමන්න ඇමති අමරවීර බරට වැඩ..

හම්බන්තොට විරෝධතා පැවැත්වුයේ යයි රක්‍ෂිත බන්ධනාගාරගත කර සිටි පාර්ලිමේන්න්තු මන්ත‍්‍රී නාමල් රාජපක්‍ෂ ඇතුළු පිරිසට අධිකරණයෙන් ඇප ලබා දීමට එරෙහිව කටයුතු කලේ ඇමති මහින්ද අමරවීර බවට චෝදනා එල්ල වෙයි.

රිමාන්ඩ් කර සිටි පිරිසෙන් 08 දෙනෙකුට ඊයේ දිනයේ අධිකරණයෙන් ඇප නියම කිරීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් පල කරමින් නාමල් රාාජපක්‍ෂ මන්ත‍්‍රීවරයා මෙන්ම ඔහුගේ නීතීඥවරයාද මේ බව කියා සිටියේය. අදාල 08 දෙනාට සුවිශේෂී හේතුන් මත ඇප නියම කරන ලද අතර සෙසු 32 දෙනෙක් ලබන 30 වන දින දක්වා රක්‍ෂිත බන්ධනාගාරගත කරනු ලැබීය.

කෙසේ වෙතත් මෙම චෝදනා ප‍්‍රතික්‍ෂෙප කරන බව පවසන ඇමති මහින්ද අමරවීර මේ සම්බන්දයෙන් නීතිමය ක‍්‍රියාමාර්ග ගන්නා බවද සදහන් කරයි.

No comments:

Post a Comment

Post Bottom Ad