බැදුම්කරය චිත‍්‍රපටයේ අවසානය ජවනිකාව සූදානම්.. අගමැති බැදුම්කර කොමිසමට එයි.. ජනතා ඇස්වලට වැලි ගසන බව බෙල්ලන්විල නාහිමි කියු දේ සිදුවේ… - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, October 17, 2017

බැදුම්කරය චිත‍්‍රපටයේ අවසානය ජවනිකාව සූදානම්.. අගමැති බැදුම්කර කොමිසමට එයි.. ජනතා ඇස්වලට වැලි ගසන බව බෙල්ලන්විල නාහිමි කියු දේ සිදුවේ…

මේ වනවිට මහ බැංකු බැදුම්කර මගඩි සිද්ධියට සම්බන්ධව විමර්ශනය කරන කොමිසමේ සාක්ෂි විමසිම අවසාන භාගයට පැමිණ තිබේ. එහෙත් එහි අවසානය අවසානයක් නොමැතිවම හින්දි චිත්‍රපටයක් ආකාරයෙන් ඉතාම සුන්දර විදියට අවසන් කිරිමට කුමන්ත්‍රණයක් මේ අතර ක්‍රියාත්මක වෙමින් පවතින බව වාර්තා වෙයි.

මෙම බැදුම්කර වංචාව නිසා රුපියල් ට්‍රිලියනයක්, (හම්බන්තාතොට වරාය වීනයට දී ගත් මුදල මෙන්ගේ 9 ගුනයක්) රටට අහිමි කොට ඇති බව මුදල් රාජ්‍ය ඇමති ලක්‍ෂමන් යාපා අබේවර්ධන මහතා පසුගියදා පැවසීය. මේසා විශාල මුදල් මංකොල්ලකෑම ඉතා සැලසුම් සහගතව සිදු කොට රටට කරන ලද මූල්‍ය අනාර්ථයේ සුලුපට නොවන අතර කොමිසමේ විමර්ශන කටයුතු අවසන් වීමේ අදියරයේ පවති.

එහෙත් මේ සඳහා අනුබල ආධාර දුන් ඉහළ දේශපාලන බලවතුන් සියල්ලම ඉතා සැලසුම්සහතව නිදහස් කොට වැදගත්කමක් නොමැති පාර්ශවයන් කිහිපයකට චෝදනා කිරීමේ සැලසුමක් ද පවතින බැව් ඉතාම විශ්වාස ආරංචි මාර්ගයක් අනාවරනය කරයි. ඒ අනුව බැදුම්කර කොමිසම නොමග යවා අගමැතිවරයාගෙන් ප්‍රශ්න ඇසීම සඳහා සූදානමක් පවතින බවත් ඇසිය යුතු ප්‍රශ්න කවරේදැයි අවශ්‍ය අංශ වෙත යොමුකර පිලිතුරු පවා සුදානම් කොට ඇති බවත් අන්තර්ජාලය ඔස්සේ තොරතුරු හුවමාරු වෙයි. බැදුම්කර මගඩිය සම්බන්ධව කිසිදා නොමැති වූ උනන්දුවක් මේ දිනවල අගමැති කාර්යාලයට ඇති වි ඇති බවත් පහසුවෙන් තේරුම් ගත හැක.

බැදුම්කර මගඩි සිද්ධියේ සැක කරුවකු වන මහා බැංකුවේ හිටපු අධිපති අර්ජුන මහේන්ද්‍රන් ගේ බෑනාවන පර්පෙචුවල් ට්‍රෙසරීස් හී අයිතිවකරුවකු වන අර්ජුන් ඇලෝසියස් කැදවා තිබුනි. එය වැලැක්වීමට විත්තියේ නීතිඥවරුන් ගත් උත්සහය සාර්ථක විය. මේ සම්බන්ධයෙන් මෙම කොමිසමේ පැමිණිල්ල වෙනුවෙන් සාක්ෂි මෙහෙය වන රජයේ නීතිපති දෙපාර්තමේන්තුවේ අතිරේක සොලිසිටර් ජෙනරාල් ජනාධිපති නීතිඥ දප්පුල ද ලිවේරා පැවසුවේ කොමිසමේ එම නියෝගය වැරැදි බවයි.

කලකට පෙර අතිපූජ්‍ය මහාචාර්ය බෙල්ලන්විල නාහිමි ප්‍රසිද්ධියේ රටේ ජනාධිපතිවරයාට අනුශාසනා කර සිටියේ තවත් වටිනා කාලයක් මෙන්ම ජනතා මුදලක් කොමිසමක් වෙනුවෙන් වැයකිරීම පමණක් ද යන්න සැක බවයි.

No comments:

Post a Comment

Post Bottom Ad