මහනාහිමිවරු ව්‍යවස්ථාවට විරුද්ද නෑ.. ව්‍යවස්ථාව හදන වැඩේ දිගටම කරනවා.. සියළු මාධ්‍ය බොරු කියන්නේ..- මාධ්‍යටත් තරවටු කරමින් අගමැති කියයි.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, October 20, 2017

මහනාහිමිවරු ව්‍යවස්ථාවට විරුද්ද නෑ.. ව්‍යවස්ථාව හදන වැඩේ දිගටම කරනවා.. සියළු මාධ්‍ය බොරු කියන්නේ..- මාධ්‍යටත් තරවටු කරමින් අගමැති කියයි..

යෝජිත නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට විරොැ්ධය පල කර ඇත්තේ අස්ගිරි මල්වතු නිකායන්හි කාරක සංඝ සභාවන් බව අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා පවසයි.

අස්ගිරි මහ නාහිමියන් හෝ මල්වතු මහ නාහිමියන් නව ව්‍යවස්ථාවට විරුද්ද බවක් පවසා නැති බවද අගමැතිවරයා සදහන් කලේ පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

අචාල සංඝ සභාව පැවැත්වෙන අවස්ථාවේදී මල්වතු මහ නාහිමියන් සිටියේ විදෙස්ගතව බවත් අස්ගිරි නාහිමියන් එම හමුවට සහභාගී වූයේ නැති බවත් අගමැතිවරයා සදහන් කරයි. නව ව්‍යවස්ථාව සම්බන්ධයෙන් මේ දිනවල ජනතා අදහස් ලබා ගනිමින් සිටින බවත් ව්‍යවස්ථා කටයුතු ඉදිරියට කරගෙන යාම ගැන එන සතියේ දී විවාදයක් පවත්වන බවත් ඔහු සදහන් පැවසීය.

මල්වතු-අස්ගිරි මහ නාහිමිවරුන් ව්‍යවස්ථාවට විරෝධය පල කලේ වයි පවසමින් මාධ්‍ය විසින් ජනතාව නොමග යවා ඇති බවත් මල්වතු නාහිමියන් නව ව්‍යවස්ථාව ගැන දරන මතය ඉතා හොදින් පැහැදිලි කර ඇති බවත් කී අගමැතිවරයා ව්‍යවස්ථාවක් මේ වන තුරු නිර්මාණය කර නැති බවත් සාකච්ඡා මට්ටමේ පමණක් පවතින බවත් අගමැතිවරයා වැඩි දුරටත් එහිදී සදහන් කලේය.

No comments:

Post a Comment

Post Bottom Ad