මුලින් ධනංජයගේ ක්‍රීඩා ජීවිතය විනාශ කළා දැන් මෙන්ඩිස්ව අල්ලගෙන - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, October 16, 2017

මුලින් ධනංජයගේ ක්‍රීඩා ජීවිතය විනාශ කළා දැන් මෙන්ඩිස්ව අල්ලගෙන

යොවුන් පිතිකරු කුසල් මෙන්ඩිස් එක්දින කණ්ඩායමේ ක්‍රීඩා කරන ස්ථානය පිළිබඳව මේ වන විට කතා බහක් මතුව තිබේ. මේ වන විට එක්දින තරඟ 38කදී ලකුණු 1146 රැස් කර ඇති මෙන්ඩිස්ගේ පිතිකරු සාමාන්‍ය ලෙස දැක්වෙන්නේ 33.51 ලෙසිනි. 

එක්දින දිවියේ මේ වන විට එක් ශතකයක් රැස් කරගෙන සිටින මෙන්ඩිස්ගේ ලකුණු ගොන්නට අර්ධ ශතක 11 ක්ද ඇතුළත්ය. එක්දින පිලේ අංක 3 පිතිකරුවා ලෙස ක්‍රීඩා කරමින් සාර්ථක වූ මෙන්ඩිස් විචරකයන් මෙන්ම ක්‍රීඩා ලෝලින්ද හැඳින්වූයේ ශ්‍රී ලංකා පිලේ අනාගත පිකිරුවා ලෙසය. කෙසේ වෙතත් පසුගිය තරඟ කිහිපයේදී අසාර්ථක වූ පමණින් මෙන්ඩිස් අංක 5 ස්ථානයේ ක්‍රීඩා කරවීම පිලිබඳ හිටපු නායක කුමාර් සංගක්කාර ප්‍රශ්ණ කර සිටි.

පසුගියදා පාකිස්ථානු කණ්ඩායමත් සමග පැවිති තරඟයේදී අංක 5 පිතිකරු මෙන්ඩිස් ක්‍රීඩා කරද්දි දිනේෂ් චන්දිමාල් අංක 3 ස්ථානයේ ක්‍රීඩා කරනු දක්නට ලැබිණි. මේ සම්බන්ධයෙන්ට්විටර් පණිවුඩයක් මගින් ප්‍රශ්ණ කරන සංගක්කරා විමසන්නේ ‘‘කුසල් මෙන්ඩිස් අංක 5 ස්ථනයේ ක්‍රීඩා කරන්නේ ඇයි දැයි යනුවෙනි. ඔහු අංක 3 හෝ 4 ස්ථානයේ ක්‍රීඩා කළ නොයුතුද යන්නද ඔහු මෙහිදී විමසයි. සංගක්කාරගේ මෙම අදහස සමගින් එකඟ වන බොහෝ දෙනාද පවසන්නේ කුසල් මෙන්ඩිස් අංක 3 ස්ථානයේ ක්‍රීඩා කළ යුතු බවයි‍ෙ මේ ආකාරයටම ධනංජයද සිල්වාගේ ක්‍රිකට් ජීවිතය විනාශ වූ බවත් දැන් කුසල් මෙන්ඩිස්ටත් ඒ තත්වය උදාවන්නේ දැයි බොහෝ දෙනා මෙහිදී විමසා සිටී.


No comments:

Post a Comment

Post Bottom Ad