රාජ්‍ය නායකයා උතුරට පැමිණීම බරපතළ වරදක්..- ප‍්‍රභාකරන්වත් නොකී කතා සම්බන්ධන් කියයි.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, October 18, 2017

රාජ්‍ය නායකයා උතුරට පැමිණීම බරපතළ වරදක්..- ප‍්‍රභාකරන්වත් නොකී කතා සම්බන්ධන් කියයි..

උතුරු – නැඟෙනහිර දෙමළ ජනතාව ඔවුන්ගේ යහපැවැත්ම උදෙසා නව රජයක් බලයට පත් කළ බැවින් එම රජය ඔවුන්ගේ සාධාරණ අවශ්‍යතා ඉටුකිරීමට හෝ යම් ප්‍රයත්නයක් නොදරන්නේ නම් එවැනි රාජ්‍යයක රාජ්‍ය නායකයා තමන්ව බලයට පත්කළ පළාතේ ජනතාව හමුවට පැමිණීම බරපතළ වරදක් බව දෙමළ ජාතික සන්ධානයේ නායක හා විපක්ෂ නායක ආර්. සම්පන්දන් මන්ත්‍රිවරයා ඉන්දීය මාධ්‍ය ආයතනයකට ප්‍රකාශ කොට තිබේ.

ජනාධිපතිවරයා යාපනයට පැමිණි අවස්ථාවේදී දෙමළ ජාතික සන්ධානය එතුමාගේ සංචාරය වර්ජනය කළේ මන්දැයි ඉන්දීය මාධ්‍යය සම්පන්දන් මන්ත්‍රිවරයාගෙන් විමසූ අවස්ථාවේදී ඊට පිළිතුරු දෙමින් ඔහු තවදුරටත් පවසා ඇත්තේ තමන් දෙමළ ජනතාව වෙනුවෙන් ජනාධිපතිවරයාගෙන් කළ ඉල්ලීමකට කුමන අන්දමක හෝ පිළිතුරක් රැගෙන ඔහුට උතුරට පැමිණීමට අවශ්‍ය තරම් ඉඩකඩ තිබූ බවයි.

දෙමළ ජනතාවගේ අපේක්ෂා හා බලාපොරොත්තු සුන් කරමින් හිස් අතින් යාපනයට පැමිණි ජනාධිපතිවරයාව පිළිගැනීමට තමන්ට හෝ දෙමළ නායකයන්ට කිසිදු අවශ්‍යතාවක් නොමැති බව කියා සිටින සම්පන්දන් මන්ත්‍රිවරයා, දකුණෙන් පහළ වන සෑම රාජ්‍ය නායකයකුම සාතන්වරයකු ලෙසින් කටයුතු කරනවිට දෙමළ ජනතාව මාරයාට බිලිවන බවද ප්‍රකාශ කොට තිබේ.

දෙමළ ජනතාවගේ ඛේදවාචකය වහාම විසඳීමට මේ රජයට යුක්තිසහගත වුවමනාවක් තිබිය යුතු බව පවසන සම්පන්දන් මන්ත්‍රිවරයා එය එසේ ඉටුවන තෙක් සියලු දෙමළ ජනතාව යක්ෂයන්ගේ බිලි බවට පත්වන බවද කියා සිටියි. ලෝකයේ කිසිම දෙයක් එක් සිද්ධියකින් අවසන් වීමක් හෝ කෙළවරවීමක් සිදුනොවන නිසා දෙමළ ජනතාවගේ අපේක්ෂාවන් ඉටුවන තුරු නිහඬ නොවී අරගල කිරීමට ඔවුන් සූදානම් බවද ඔහු මෙම සාකච්ඡාවේදී වැඩිදුරටත් ප්‍රකාශ කොට තිබේ.

– mawbima

No comments:

Post a Comment

Post Bottom Ad