බැදුම්කර කොමිසමට අගමැති කැදවා ප‍්‍රශ්න කල යුතුමයි.. නැතොත් බාගෙට පිළිස්සු කේක් ගෙඩියක්.. – බැදුම්කර කොමිසමේ තරුව දප්පුල ලිවේරා කියයි.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, October 18, 2017

බැදුම්කර කොමිසමට අගමැති කැදවා ප‍්‍රශ්න කල යුතුමයි.. නැතොත් බාගෙට පිළිස්සු කේක් ගෙඩියක්.. – බැදුම්කර කොමිසමේ තරුව දප්පුල ලිවේරා කියයි..

මහ බැංකුවේ බැදුම්කර මගඩිය සම්බන්ධයෙන් තමන් විසින් ඉදිරිපත් කරනු ලැබූ ලේකණයේ සදහන් අගමැති රනිල් වික‍්‍රමසිංහ ඇතුළු සාක්‍ෂිකරුවන් 20 දෙනාගෙන් සාක්‍ෂි විමසීම අත්‍යවශ්‍ය බව ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිස්ටර් ජනරාල් දප්පුලද ලිවේරා මහතා පැවසීය.

ඔහු මේ බව කියා සිටියේ බැදුම්කර කොමිසම ඊයේ දිනයේදී සිය සාක්‍ෂි විමසීම අවසන් කරන බව කියා සිටීමත් සමගයි. අගමැතිවරයා ඇතුළු පිරිසගෙන් සාක්‍ෂි නොවිමසා කටයුතු අවසන් කිරීම අඩක් පිලිස්සූ කේක් ගෙඩියක් වනු ඇති බවද ජනතාව බලාපොරොත්තු වන්නේ සම්පුර්ණයෙන්ම පිලිස්සූ කේක් ගෙඩියක් බවත් ලිවේරා මහතා තව දුරටත් එහිදී සදහන් කලේය.

එහිදී කොමිසම කියා සිටියේ අගමැතිවරයාට ප‍්‍රශ්ණාවලියක් යොමු කර ඇති බවත් ඊට පිලිතුරු දිවුරුම් ප‍්‍රකාශයක් ලෙස ලබා ගැනීමට කටයුතු කරන බවත්ය.

No comments:

Post a Comment

Post Bottom Ad