ලේක්හවුස් පත්තර විකිණීම සීඝ්‍රයෙන් පහළට.. නිවෙස්වලට නොමිලේ බෙදීම අරඹයි.. කෙලින්ම කුණු කූඩයට.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, October 12, 2017

ලේක්හවුස් පත්තර විකිණීම සීඝ්‍රයෙන් පහළට.. නිවෙස්වලට නොමිලේ බෙදීම අරඹයි.. කෙලින්ම කුණු කූඩයට..

ලේක්හවුස් ආයතනයේ දිනමිණ සිළුමිණ විකිණීම අඩු වී තිබුනත් එහි ඉංග්‍රීසි පුවත්පත් වන ඩේලි නිව්ස් හා සති අග සන්ඩේ ඔබ්සර්වර් සඳහා එක්තරා මට්ටමේ ඉල්ලුමක් කොළඹ හා ප්‍රධාන නගරවල පැවතුනි.මෙයට විශේෂයෙන්ම සුලු ජාතින්ගේ ඉල්ලුමක් තරමක් තිබුණ අතර ආණ්ඩුවේ දැන්වීම ගැසට් පත්‍රය හා රජයේ ටෙන්ඩර් පලවීම මීට අනික් හේතුවයි.

එහෙත් මේ වනවිට ආණ්ඩුවේ ඒකපාර්ශ්වික ප්‍රවෘත්ති පල කිරිම හා ආණ්ඩුවේ මතවාදයට විරුද්ධ කණ්ඩායම්වලට මඩ ගැසීමේ නව ප්‍රවණතාවය නිසා පුවත්පත්වල ඉල්ලුම විශාල ලෙස පහළ වැටි ඇති බැවින් මේ දිනවල කොළඹ සහ අවට සුඛෝපභෝගි තට්ටු නිවාස සඳහා නොමිලයේ පුවත්පත් බෙදීමේ වැඩපිළිවෙළක් ආරම්භ කොට ඇත.

එහෙත් මෙහිදී සමහර නිවැසියන් “නොමිලේ දෙන ඉංග්‍රීසි පුවත්පත ඔහේ කියවමු” කියන උපේක්ෂා පාඨය ද ඉවතලමින් එම පුවත්පත නොබලාම කුණු කූඩයට දමන බව එම නිවාසවල පදිංචිකරුවන් පවසති. එමෙන්ම ඉතිහාසයේ ලේක්හවුස් ආයතනයේ පුවත්පත්වලට මෙවෙනි යුගයක්දා වුනේ ප්‍රේමදාස ජනාධිපතිවරයා යටතේ එක්සත් ජාතික පක්ෂ පාලන සමයේදිය.

මේ එසේ නිවැසින්ගේ සමිති විසින් පලකල දැන්විමක්.


No comments:

Post a Comment

Post Bottom Ad