ක‍්‍රිකට් ආයතනයේ මුදල් ලක්ෂ ගණනින් වෙන් කරලා ..ක‍්‍රිකට් ලොක්කෝ ඩුබායි සෆාරි අරඹති …(EXCLUSIVE) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, October 12, 2017

ක‍්‍රිකට් ආයතනයේ මුදල් ලක්ෂ ගණනින් වෙන් කරලා ..ක‍්‍රිකට් ලොක්කෝ ඩුබායි සෆාරි අරඹති …(EXCLUSIVE)

හෙටින් ඇරඹෙන ශ්‍රී ලංකා පාකිස්ථානු එක්දින හා විස්සයි 20 තරඟාවලිය නැරඹීමට සහ ඊට අදාළ වෙනත් රාජකාරි සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් සහ සේවකයන් රැසක්, ක්‍රිකට් ආයතනයේ මුදලින් ඩුබායි නුවර බලා යෑමට සූදානමින් සිටින ක්‍රිකට් ආරංචි මාර්ග ඔස්සේ තොරතුරු වාර්තාවෙයි.

මෙහිදී ඇතැම් නිලධාරීන්ට නොමිලේ දිනකට ඇමෙරිකානු ඩොලර් 350ක් (රු.53,714.51) , ගුවන් ටිකට්පත් සමග නවාතැන් පහසුකම් ක්‍රිකට් ආයතනයෙන් සපයාදී ඇතැයි වාර්තාවන අතර, එක් විධායක කමිටු සාමාජිකයෙක් පමණක් දවස් 20ක් සඳහා ඩොලර් 7000ක් (රු.1,074,890) ලබාදෙන මෙන් ක්‍රිකට් ආයතනයෙන් ඉල්ලීමක් කර ඇතත් ක්‍රිකට් ප්‍රධානියෙක් එය ප්‍රතික්ෂේප කරමින් ඔහුට දින 04ක් සඳහා දිනකට ඩොලර් 350 බැගින් ඩොලර් 1400ක (රු.214,858.05) මුදලක් අනුමත කර ඇති බවටද වාර්තා වේ.

මෙහි පවතින තවත් එක් ගැටලුවක් වනුයේ ශ්‍රී ලංකා ක්‍රිකට් ස්ථිර පැරණි සේවකයන් සහ නිලධාරීන් කපා හැර වත්මන් පරිපාලනය කොන්ත්‍රාත් පදනම මත බඳවාගත් අයට ප්‍රමුඛතාව ලබාදීමයි. මෙම පිරිසට අමතරව ශ්‍රී ලංකා ක්‍රිකට් මාධ්‍ය අංශය නියෝජනය කරමින්ද එහි ඉහළ තනතුරක් දරන පුද්ගලයෙකු සහ තවත් කිහිපදෙනෙක් (සියලු පහසුකම්, දීමනා සහ මුදල් ක්‍රිකට් ආයතනයෙනි) තරග නැරඹීම සඳහා ඩුබායි නුවරට යෑමට නියමිත අතර, කොන්ත්‍රාත් පදනම මත බඳවාගත් වත්මන් පරිපාලනයට හිතවත් නවකයෙකුටද මේ හරහා රට යෑමේ වාසනාව උදාවී ඇතැයි එහි සේවකයෝ පෙන්වාදෙති.

එසේම ඔවුන් වත්මන් පරිපාලනයෙන් ඉල්ලා සිටිනුයේ වසර ගණනාවක් ශ්‍රී ලංකා ක්‍රිකට් වෙත සේවය කළ ස්ථිර සේවකයන්ට සහ නිලධාරීන්ට අවස්ථාව ලබානොදී කොන්ත්‍රාත් සේවකයන්ට රට යෑමේ අවස්ථාව ලබාදීම ඔවුනට කරන බලවත් අසාධාරණයක් බවත්, එහෙයින් නිසි බලධාරීන් මීට මැදිහත්ව වහා ඔවුනට සාධාරණයක් ඉටු කරන ලෙසත්ය.

No comments:

Post a Comment

Post Bottom Ad