සිසු ගැටුම් නිසා කොළඹ සරසවියේ කලා පීඨය දින නියමයක් නැතිව වැසේ - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, October 18, 2017

සිසු ගැටුම් නිසා කොළඹ සරසවියේ කලා පීඨය දින නියමයක් නැතිව වැසේ

කොළඹ විශ්ව විද්‍යාලයේ ශාස්ත්‍ර පීඨයේ සිසු කණ්ඩායම් දෙකක් අතර ඊයේ (17) ඇතිවූ ගැටුමකින් සිසුන් දෙදෙනකු තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි. එක්සත් ශිෂ්‍ය සංගමය සහ පොදු ශිෂ්‍ය සංගමයේ සිසුන් අතර 
මෙම ගැටුම හටගෙන ඇත.

ඊයේ දහවල් මෙම කණ්ඩායම් දෙක අතර මුල්ම ගැටුම ඇතිවී ඇත්තේ විග්ව විද්‍යාපාල භූමිය තුළදීය. පසුව එය සමථයකට පත්ව ඇතිබව පොලිසිය කියයි. නැවත ඊයේ පස්වරු 7.00ට පුංචි බොරැල්ල පිහිටි සිසු නේවාසිකාගාරය තුළදී මෙම ගැටුම හටගෙන ඇති අතර එහිදී සිසුන් දෙදෙනකු තුවාල ලබා ඇත. 

සිද්ධිය සැලවීමත් සමග බොරැල්ල හා මරදාන පොලිස් ස්ථානවල අතිරේක පොලිස් කණ්ඩායම් එහි පැමිණ සිසුන්ගේ ආරක්ෂාව තර කළ බව උසස් පොලිස් නිලධාරියෙක් කීය. පොලිස් කණඩායම් නොනිවාසිකාගාරය තුළට ගොස් සිදුවීම පාලනය කොට සියලු සිසුන් නේවාසිකාගාරයෙන් ඉවත් කර ඇතැයිද ඔහු කීය. පොලිසිය එම ස්ථානයට බස් රථ ගෙන්වා සියලු සිසුන් ඒවාට නංවා පිටත්කර යවා තිබේ. මේ අතර කොළඹ විශ්ව විද්‍යාලයේ ශාස්ත්‍ර පීඨය දින නියමයක් නොමැතිව වසා දැමීමට විශ්ව විද්‍යාල පාලනාධිකාරිය තීරණය කර තිබේ.

No comments:

Post a Comment

Post Bottom Ad