චන්ද‍්‍රිකාට මල පනී.. ශ‍්‍රීලනිප ජ්‍යෙෂ්ඨයින් පෝලිමට අමතමින් දිගට හරහර දෙසයි.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, October 21, 2017

චන්ද‍්‍රිකාට මල පනී.. ශ‍්‍රීලනිප ජ්‍යෙෂ්ඨයින් පෝලිමට අමතමින් දිගට හරහර දෙසයි..

මෑතකදී ශ‍්‍රීලනිප අත්තනගල්ල ආසන සංවිධායිකා ලෙස පත් කරන ලද හිටපු ජනාධිපතිනි චන්ද‍්‍රිකා කුමාරතුංග මේ දිනවන දැඩි නොසතුටකින් පසුවන බව වාර්තා වෙයි.

තමනට පත්වීම දුන් දිනයේදීම ආනමඩුව සංවිධායකයා ලෙස වයඹ පළාත් සභා මන්ත‍්‍රි ආනන්ද සරත් කුමාර පත් කිරීම සම්බන්ධයෙන් ඇය මෙසේ නොසතුටින් සිටී. ආනමඩුවේ පාසැලක ගුරුවරියක් දණ ගැස්වී යයි චෝදනා එල්ල වී ඇති මෙම පුද්ගලයාට ශ‍්‍රීළනිප සංවිධායක ධුරයක් ලබා දීමත් ඔහු ජනප‍්‍රිය පුද්ගලයෙක් යයි සන්ධාන මහ ලේකම්වරයා පවසා තිබීමත් නිසා හිටපු ජනාධිපතිනිය මෙසේ කෝපයට පත්ව සිටිතැයිද වාර්තා වෙයි.

අදාල ප‍්‍රශ්නය ගැන සාකච්චා කිරීමට ජනාධිපතිවරයා මුණ ගැසීමට උත්සාහ කලත් ඊට වෙලාවක් නොලැබී යාම නිසාද ඇය තවත් කෝපයට පත්ව සිටී. මේ තත්වය මත හිටපු ජනාධිපතිනිය විසින් ශ‍්‍රීලනිප ජ්‍යෙෂ්ඨයින් අමතමින් තදබල ලෙස දොස් පවරමින් සිටින්නේ යයිද දැනගන්නට ඇත.

No comments:

Post a Comment

Post Bottom Ad