මහින්දට මන්ත්‍රීවරු 76ක් කැමැතිවුවහොත් ආණ්ඩුවට තුනෙන් දෙක අහිමි වෙයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, October 19, 2017

මහින්දට මන්ත්‍රීවරු 76ක් කැමැතිවුවහොත් ආණ්ඩුවට තුනෙන් දෙක අහිමි වෙයි

මහින්දට මන්ත්‍රීවරු 76ක් කැමැතිවුවහොත් ආණ්ඩුවට තුනෙන් දෙක අහිමි වෙයි
එක්සත් ජනතා නිදහස් සන්ධානය යටතේ පාර්ලිමේන්තුවට තේරී පත්ව සිටින මන්ත්‍රීවරුන් 96 දෙනා අතරින් 76 දෙනෙකු නව ව්‍යවස්ථාවට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කරන තත්ත්වයට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා එකඟ කරවා ගත හොත් ආණ්ඩුවට තුනෙන් දෙකේ බහුතර බලය අහිමි වී යන බව ජාතික සංවිධාන එකමුතුව අවධාරණය කරයි.

ජනමත විචාරණයකට නොයා පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකේ බහුතර බලයෙන් නව ව්‍යවස්ථාව සම්මත කර ගැනීමට ආණ්ඩුව සැලසුම් කර ඇති බවත් බහුතර බලය අහිමි කළහොත් ව්‍යවස්ථා ක්‍රියාවලිය අඩපණ කළ හැකි බවත් එම සංවිධානය පෙන්වා දෙයි. ජාතික සංවිධාන එකමුතුව නියෝජනය කරමින් ආචාර්ය ගුණදාස අමරසේකර, නීතිඥ කල්‍යාණනන්ද තිරාණගම, වෛද්‍ය වසන්ත බණ්ඩාර, මාධ්‍යවේදී මොහාන් සමරනායක යන මහත්වරු කොළඹදී පෙරේදා (17) පැවැති මාධ්‍ය හමුවකදී මේ බව සඳහන් කළහ.

මේ වනවිට ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් ආණ්ඩුවේ උවමනාවන්ට හසුවී තිබෙන බවත් ව්‍යවස්ථා ක්‍රියාවලියෙන් ඔවුන් ගලවා ගැනීමට මහින්ද රාජපක්ෂ මහතා ඉදිරිපත් විය යුතු බවත් එහිදී ඔවුහු කියා සිටියහ.

No comments:

Post a Comment

Post Bottom Ad