කොදෙව් ප‍්‍රහාරය හමුවේ එංගලන්තය පසුබසියි (VIDEO) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, September 18, 2017

කොදෙව් ප‍්‍රහාරය හමුවේ එංගලන්තය පසුබසියි (VIDEO)

සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම හා එංගලන්තය අතර පැවැති පළමු හා එකම විස්සයි විස්ස තරගය ලකුණු 21කින් ජය ගැනීම කොදෙව් කණ්ඩායම ඊයේ(17) සමත් විය
මෙම තරගයේ කාසිය වාසිය දිනු එංගලන්ත නායකයා පළමුව පන්දුවට පහරදීමට කොදෙවි කණ්ඩායමට අරාධනා කල අතර ඒ අනුව පිටියට පැමිණි කොදෙව් ක‍්‍රිඩකයින් නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 09ක් දැවී ලකුණු 176ක් රැස් කිරීමට සමත් විය. එහිදී ප‍්‍රහාරාත්මක පිතිහරඹයක නිරත වු ක‍්‍රිස් ගේල් පන්දු 21කදී දැවැන්ත හයේ පහර 04ක් සමගින් ලකුනු 40ක්ද එවින් ලුවිස් පන්දු 28කදී ලකුණු 51ක්ද රැස් කරගත්තා.
පන්දු යැවීමේදී එංගලක්ත කණ්ඩායම වෙනුවෙන් අලීඩි රශීඩි පන්දුවාර 04ක් යවා ලකුණු 25කට කඩුලු 03ක් දවා ගැනීම සමත් විය. ජයග‍්‍රහණය සදහා ලකුනු 180 ක දැවැන්ත ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි එංගන්ත ඉනිම පන්දුවාර 19යි පන්දු 03ක් තුළ සියල්ල දැවී ලකුණු 155 සීමා කිරීමට කොදෙවි පන්දු යවන්නන් සමත් වු අතර එහදී කෙදෙවි කණ්ඩායම වෙනුවෙන් කෙස්රික් විලියම්ස් හා කාලෝස් බ‍්‍රරත්වෙයිට් කඩුලු 03බැගින් ලබා ගෙන දස්කම් දැක්වුහ.
තරගයේ ලකුණු පුවරුව පහතින්...



No comments:

Post a Comment

Post Bottom Ad