අපේ නම් මතකත් නෑ නේද නංගි? – “අවසාන ප්‍රේමය” කියා ජනප්‍රිය වූ ඕෂනි සන්දීපාට ඩිලාන් ගමගේගෙන් දොස්මුරයක්! (Exclusive) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, September 16, 2017

අපේ නම් මතකත් නෑ නේද නංගි? – “අවසාන ප්‍රේමය” කියා ජනප්‍රිය වූ ඕෂනි සන්දීපාට ඩිලාන් ගමගේගෙන් දොස්මුරයක්! (Exclusive)

කලකට ඉහතදී උපකාරක පන්තියක “අවසාන ප්‍රේමයයි මාගේ” ගීතය ගායනා කර සමාජජාල තුල විශාල ජනප්‍රියත්වයක් දිනාගත් ඕෂනි සන්දීපාගේ ක්‍රියාකලාපය පිළිබඳව නව පරපුරේ ජනප්‍රිය ගී පද රචකයෙකු වන ඩිලාන් ගමගේ මහතා විසින් අද ෆේස්බුක් සමාජජාලය ඔස්සේ විවෙචනයක් එල්ල කරනු ලැබුවා.



ඕෂනි සන්දීපා විසින් ගායනා කල “අවසාන ප්‍රේමයයි මාගේ” ගීතය රචනා කලේ ඩිලාන් ගමගේ විසින් වන අතර එය ගායනා කලේ දිමංක වෙල්ලාල විසින්. ඇගේ දක්ශතාවය හදුනාගැනීමෙන් පසුව ඩිලාන් විසින් ඇය වෙනුවෙන්ම පෙර ගීතයට ප්‍රතිපිළිතුරු (reply) ගීයක් [අවසාන ප්‍රේමයේ කඳුලේ] ගීතය රචනා කර ඇය ලවා ගායනා කරවූ අතර ඔහු ඒ වෙනුවෙන් ඇයට සියලු පහසුකම් සළසා තිබේ. එම ගීතයේ සංගීත නිර්මාණය කලේ අශාන් ප්‍රනාන්දු විසින්ය.  එම ගීතය ඉතා ඉහළින් ජනප්‍රියවූ අතර ඕෂනි සන්දීපාට ගායන ක්ෂේත්‍රයේ ඇයගේ සළකුණ තැබීමට ඒ හරහා හැකිවිය.

නමුත් පසුව ඇය විසින් චේතාන්විතවම ඩිලාන් ගමගේව සහ දිමංක වෙල්ලාලගේව නොසලකා හැර ඇති අතර ඇය කිසිවෙකුගේ සහායකින් තොරව පැමිණි චරිතයක් බවට හැගී යන පරිදි කටයුතු කර තිබේ. සාමාන්‍යයෙන් සංගීත ක්ෂේත්‍රය තුල ඩිලාන් ගමගේ සැලකෙන්නේ ඉතා නිහතමානී, ඕනෑම අයෙකුට උදව් උපකාර කරන තැනත්තෙකු ලෙසයි. වාර්තා වන අන්දමට ඕෂනී සන්දීපා ඇඹිලිපිටිය ප්‍රදේශයේ සාමාන්‍ය පවුලක දරුවකු වන අතර ඇය එක්වර ලද ජනප්‍රියත්වය නිසා ඇයට ඉන් පෙර සමීපව සිටි යහලු මිත්‍රයින් සහ නෑදෑයන් පවා නොසලකා හරිමින් ඇය අමුතුම ආකාරයේ “පුහු ආඩම්බරකමකින්” යුතුව කටයුතු කරමින් සිටී.

ඇය මෙම සම්මුඛ සාකච්ජාව අතරතුර එක් තැනක කිසිදු ගිවිසුමකින් තොරව “අවසාන ප්‍රේමයේ කඳුලින්” ගායනා කල බව සඳහන් කර තිබේ. ඇය එම ගීතය ගායනා කරන සමයේදී පාසල් ශිෂ්‍යාවක් වන අතර වෘත්තීමය ගායිකාවක් නොවේ. ඩිලාන් ගමගේ විසින් ඇයට උපකාරයක් ලෙස ගීතයක් නිර්මාණය කල අතර එය කිසිසේත්ම ගිවිසුමක් මත සිදුවිය යුත්තක් නොවේ. සාමාන්‍යයෙන් ගිවිසුම් මත ගීත ගායනා කරන්නේ සංගීත ක්ෂේත්‍රයේ ස්ථාවරත්වයක් සහිත වෘත්තීමය ගායක ගායිකාවන් වන අතර ඕෂනි සන්දීපා වැනි අහම්බෙන් කඩා වැටී දවසෙන් ජනප්‍රිය වූ අය නොවේ.

මෙවන් පුහු ආඩම්බරයෙන් යුතු මාන්නක්කාරයින් දිය බුබුලු ලෙස මතුව විත් පුපුරා යන අතර දීර්ඝ කාලීනව ක්ෂේත්‍රයේ රැදී සිටීමට නොහැකිය. ඕෂනි සන්දීපා වැනි දක්ෂතාවය ඇතත් කෙලෙහි ගුණ සැළකීම වැනි මානුෂීය ගුණාංග නැති “හිස්” චරිත මහා චරිත ලෙස සළකා කටයුතු කරන රසික රසිකාවියන් ඔවුන්ගේ සැබෑ තත්වය වටහාගත යුතුය. වෙබ් අඩෙවියක පළකර තිබූ සම්මුක සාකච්චාවක් උපුටා දක්වමින් ඩිලාන් ගමගේ ඉහත ප්කාශය කර තිබූ අතර ඊට ජනප්‍රිය ගායකයෙකු වන අශාන් ප්‍රනන්දු දැක්වූ අදහස් පහතින් දැක්වේ.


No comments:

Post a Comment

Post Bottom Ad