ප්‍රවේශමෙන්!!! – හර්පීස් රෝගීන්ගේ සංඛ්‍යාව ශීඝ්‍රයෙන් ඉහළට! - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, September 16, 2017

ප්‍රවේශමෙන්!!! – හර්පීස් රෝගීන්ගේ සංඛ්‍යාව ශීඝ්‍රයෙන් ඉහළට!

මෙරටින් වාර්තා වන හර්පීස් රෝගීන්ගේ සංඛ්‍යාව ශීඝ්‍රයෙන් ඉහළ යමින් ඇතැයි ජාතික ලිංගාශ්‍රිත රෝග ඒකකය පවසයි. එහි අධ්‍යක්ෂ වෛද්‍ය සිසිර ලියනගේ මහතා පැවසුවේ, මේ වන විට වාර්තා වී ඇති එම රෝගීන්ගේ සංඛ්‍යාව 1000 ඉක්මවන බව ය.

හර්පීස්, මෙරට ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝග අතරින් වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වන රෝගය බව ද ඔහු පැවසුවේ ය. වෛද්‍ය සිසිර ලියනගේ මහතා පැවසුවේ, අවුරුදු 25 – 35 අතර වයස් කාණ්ඩයේ පසුවන පුද්ගලයින් වැඩි වශයෙන්ම මෙම රෝගයට ගොදුරු වී ඇති බව ය. ගිය වසරේදී ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝග සඳහා ප්‍රතිකාර ගැනීමට පුද්ගලයින් 38000 පැමිණ ඇතැයි ද ඔහු පැවසුවේ ය.

No comments:

Post a Comment

Post Bottom Ad