විද්‍යා ඝාතන සැකකරුට පලායන්න ඉඩ දුන්නැයි රිමාන්ඩ් කර සිටි DIG නිදහස් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, September 13, 2017

විද්‍යා ඝාතන සැකකරුට පලායන්න ඉඩ දුන්නැයි රිමාන්ඩ් කර සිටි DIG නිදහස්

යාපනය පුංකුඩතිව් ප්‍රදේශයේදී ඝාතනය වූ ශිවයෝගනාදන් විද්‍යා දැරියගේ ඝාතනයට සැක කෙරෙන ප්‍රධාන සැකකරුවෙකුට යාපනයෙන් පලා යාමට සහය දුන්නේයැයි සැක පිට අත්අඩංගුවට ගත් හිටපු ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහ මහතා අද (13) කයිට්ස් අධිකරණයට  ඉදිරිපත් කිරීමෙන් පසුව රුපියල් ලක්ෂ 03 ක මුදල් ඇප මත හා රුපියල් ලක්ෂ 05 බැගින් වූ ශරීර ඇප 04 ක් මත ඇප මත මුදා හැරීමට කයිට්ස් මහෙස්ත්‍රාත් ඒ.එම්.එම්. රියාස් මහතා නියෝග කොට සිටියේය.

විද්‍යා දැරියගේ ඝාතනයට සැකකෙරෙන ඝාතනය සැලසුම් කළ  ප්‍රධාන සැකකරු වූ මහාලිංගම් ශෂිකුමාර් හෙවත් ස්විස් කුමාර් නැමත්තාට යාපනයෙන් පිටවීමට උතුරු පලාත භාරව එවකට සිටි ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වූ ලලිත් ජයසිංහ විසින් උදව් කිරීමේ චෝදනාව මත ලලිත් ජයසිංහ මහතා පසුගිය ජුලි 15 දා සවස අත්අඩංගුවට ගනු ලැබීය.

ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරයා අනුරාධපුර රක්ෂිත බන්ධනාගාරයේ සිට රැගෙනවිත් අද (13) දින කියිට්ස් අධිකරණයට ඉදිරිපත් කළ අතර එහිදී කයිට්ස් මහෙස්ත්‍රාත් වරයා විසින් අදාල ඇප මත මුදා හැරීමට නියෝග කොට සිටි අතර එම නියෝගයන්ට අමතරව හිටපු ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරයාගේ නඩුව ලබන දෙසැම්බර් 05 වනදා දක්වා කල් දැමූ අතරම ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරයාට විදෙස්ගත වීම තහනම් කල අතරම ඒ බව ආගමන විගමන දෙපාර්තමේන්තුවට දැනුම් දෙන මෙන් නියෝග කොට සිටි අතරම සෑම මසකකම අවසන් සඳුදා උදෑසන 09 ත් උදෑසන 11 ත් අතර කොළඹ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ පෙනී සිටිය යුතු බවටද කයිට්ස් මහේස්ත්‍රාත් වරයා නියෝග කොට සිටියේය.

පසුගිය 2015 වසරේ මැයි මස 13 වනදා විද්‍යා දැරිය පැහැරගෙන ගොස් පූංකුඩතිව් ප්‍රදේශයේ කැලෑවක සමූහ දූෂණයකට ලක්ව ඝාතනය කොට තිබූ අතර එහිදී අදාල ඝාතනයට සම්බන්ධ යැයි සැලකෙන සැකකරුවන් 12 දෙනෙකු අත්අඩංගුවට ගනු ලැබීය.

– වන්නි රොමේෂ් මධුෂංඛ

No comments:

Post a Comment

Post Bottom Ad