මහින්ද බෙදු සිල්රෙදි තොගයෙන් ලෝකෙ වටේ තුන්වරක් ඔතන්න පුළුවන්..- හදිස්සිය වැඩිකමට එජාප මන්ත‍්‍රී කියන කතා.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, September 17, 2017

මහින්ද බෙදු සිල්රෙදි තොගයෙන් ලෝකෙ වටේ තුන්වරක් ඔතන්න පුළුවන්..- හදිස්සිය වැඩිකමට එජාප මන්ත‍්‍රී කියන කතා..

හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග විසින් පසුගිය ජනාධිපතිවරණයේදී බෙදා ඇති සිල් රෙදි ප‍්‍රමාණය ලෝකය වටා තුන් වරක් එතිය හැකි බව එජාප පාර්ලිමේන්තු මන්ත‍්‍රී කාවිංග ජයවර්ධන මහතා පවසයි.

සිර දඬුවම් විදින ලලිත් වීරතුංග හා අනුෂ පැල්පිටට නියම කර ඇති දඩ මුදල ගෙවීම සදහා මුදල් භික්‍ෂුන් වහන්සේලා පිණ්ඩපාතයේ වැඩම කිරීම ගැන අදහස් පල කරමින් මන්ත‍්‍රීවරයා මේ බව කීය.

කෙසේ වෙතත් ලෝකයේ පරිධිය කිලෝමීටර් 40,075 බව විකිපීඩියා හා ගූගල් සනාථ කරයි. (Link) එනම් මීටර්වලින් නම් 40,075,000කි. එවන් තුන් ගුණයක් යනු මීටර් 120,225,000ක් වෙයි. රුපියල් හැටකෝටියකින් මෙම මිටර් ප‍්‍රමාණය ගන්නට එක් මීටරයක් රුපියල් පහකට අඩු විය යුතුය.


No comments:

Post a Comment

Post Bottom Ad