වැලිකඩ රෝහලේ ප්‍රධාන වෛද්‍යවරිය මාරු කෙරේ - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, September 19, 2017

වැලිකඩ රෝහලේ ප්‍රධාන වෛද්‍යවරිය මාරු කෙරේ


පසුගිය දිනවල සිල් රෙදි නඩුවට අදාළව වසර තුනක සිර දඬුවම් ලද අය බන්ධනාගාර රෝහලට යැවීමට නිර්දේශ කිරීම නිසා කථාබහට ලක්වූ
වැලිකඩ බන්ධනාගාර රෝහලේ වැඩබලන ප්‍රධාන වෛද්‍ය නිලධාරි නිර්මලී තේනුවර මහත්මිය කොළඹ ජාතික රෝහලට අනුයුක්ත කරන ලෙස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර මහතාට ඊයේ (18) දැනුම් දී තිබේ.

වෛද්‍ය නිලධාරිවරියගේ වෘත්තීය විෂමාචාර පිළිබද කරුණු 26 ක් ඇතුළත් වාර්තාවක් සෙසු වෛද්‍යවරුන් පිරිසක් ඇමතිවරයාට යොමු කර තිබු අතර එම රෝහලේ සේවයේ නියුතු වෛද්‍යවරුන් 19 ක් ලෙඩ නිවාඩු දමා මෙම තීරණය ගන්නා ලෙස බලකරමින් කළ ඉල්ලීමක් මත අමාත්‍යවරයා විසින් මේ තීරණය ගෙන තිබේ. විෂමාචාර කරුණු පිළිබදව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව මගින් පරීක්ෂණයක් පවත්වන්නටද පොලිස්පති වරයා වෙත ලිපියක් යොමු කිරීමට නියමිතය. පුරප්පාඩුව සදහා වැඩබලන ප්‍රධාන වෛද්‍ය ඡේ.කේ මල්වත්තගේ මහතා පත් කර තිබේ.

No comments:

Post a Comment

Post Bottom Ad