ඉදිරි කාලයේ දී වත්මන් ආණ්ඩුව පෙරලීම සඳහා කළ හැකි සෑම දේම කරන බව හිටපු නියෝජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතා පවසයි. තමාගේ නියෝජ්‍ය අමාත්‍යධූරය අහිමිවීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඔහු මෙම අදහස් පළ කළේය.
පක්ෂ දෙකේම හොඳ පුද්ගලයින් සිටින බවත්, කලකිරීම තියෙන්නේ ආණ්ඩුව ගැන මිසක් ජනාධිපතිවරයා සමඟ නොවන බව ද අරුන්දික ප්‍රනාන්දු මහතා පවසයි. රටේ ජනතාව ගැන සිතා ප්‍රතිපත්තිමය තීන්දුවක් ගනු ලැබූ බවත් ආණ්ඩුව යම් යම් කරුණු සම්බන්ධයෙන් වැරදි ක්‍රියාමාර්ග අනුගමනය කරන බැවින් එය විවේචනය කළ බවත් එය කිසිසේත්ම වැරුද්දක් නොවන බව ද ඔහු වැඩිදුරටත් කියා සිටියේය.
අද වන විට දෙකඩ වී ඇති ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමඟි කර එක් ආණ්ඩුවක් සෑදීම අනාගත බලාපොරොත්තුව බව ද අරුන්දික ප්‍රනාන්දු මහතා පැවසීය. කෙසේ වෙතත් ඇතැම් අය අද වන විට 2020 මැතිවරණයේ දී ජනාධිපතිවරයා වශයෙන් අගමැතිවරයා පත් කිරීමට සිහින බලමින් සිටින බව ද කියා සිටියේය.
ඊයේ(13) දිනයේ දී ජනාධිපතිවරයා සමඟ උත්සවයකට සහභාගී වු පමණින් ආණ්ඩුව නොපෙරලන යනුවෙන් පැවසිය නොහැකි බවත්, ඒ තුළින් නැවතත් ඇමතිකමක් ලබා ගන්නවා යනුවෙන් අදහස් කළ නොහැකි බව ද ප්‍රනාන්දු මහතා තව දුරටත් පැවසීය.
– Adaderana
Thursday, September 14, 2017
ජනාධිපති අවුලක් නෑ.. නරක ආණ්ඩුවයි.. ආණ්ඩුව පෙරලන්න වැඩ කරනවා..- අරුන්දික
Tags
# දේශපාලන පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
දේශපාලන පුවත්
Labels:
දේශපාලන පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment