රවිගේ මස්සිනා සංවර්ධනය ලොතරයියෙන් පන්නා චන්ද්‍රිකාගේ හිතවතකු නව සභාපති ලෙස පත් කරයි… - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, September 16, 2017

රවිගේ මස්සිනා සංවර්ධනය ලොතරයියෙන් පන්නා චන්ද්‍රිකාගේ හිතවතකු නව සභාපති ලෙස පත් කරයි…

එජාප නායක රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා ලෙස කටයුතු කරන අවස්ථාවක එම ආණ්ඩුව බලයට ගෙන ඒමට ක්‍රියාකාරි දායකත්වයක් සැපයු ජාතික සංවර්ධනයට ලොතරැයි මණ්ඩලයේ සභාපති වන රොමේෂ් ජයවර්ධන මහතා 03/09/2017 දා ශ්‍රීලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ 2035/02 අති විශේෂ ගැසට් පත්‍රය මගින් වහාම ඔහු දැරු එම තනතුරින් ඉවත් කරනු ලැබිය.

ඔහු හිටපු මුදල් අමාත්‍ය මෙන්ම හිටපු විදේශ කටයුතු අමාත්‍ය එක්සත් ජාතික පක්ෂයේ උප නායක රවි කරුණානායක මහතාගේ මස්සිනාය. ඒ වෙනුවට ජාතික සංවර්ධනයට ලොතරැයි මණ්ඩලයේ නව සභාපති ලෙස කලක් චන්ද්‍රිකා රජයේ ලංකා සිමෙන්ති සමාගමේ සභාපති ලෙස සිටි සේන සූරියප්පෙරුම මහතා පත් කොට ඇත. ඔහු චන්ද්‍රිකා බණ්ඩාරනායක හිටපු ජනාධිපතිනියගේ කිටුටුම හිතවතු බැව් ආරංචි මාර්ග සඳහන් කරයි.

No comments:

Post a Comment

Post Bottom Ad