යලි නැඟිටිමින් සිටින සිම්බාබ්වේ කණ්ඩායමට අලුත් බලාපොරොත්තුවක් එක්කරමින් සුපිරි පිතිකරුවා යළි ජාතික කණ්ඩායමට එක්වෙයි .. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, September 16, 2017

යලි නැඟිටිමින් සිටින සිම්බාබ්වේ කණ්ඩායමට අලුත් බලාපොරොත්තුවක් එක්කරමින් සුපිරි පිතිකරුවා යළි ජාතික කණ්ඩායමට එක්වෙයි ..

එංගලන්ත ප්‍රාන්ත ක්‍රිකට් තරඟාවලියට සහභාගීවී සිටි සිම්බාබ්වේ සුපිරි පිතිකරුවෙකු මෙන්ම කඩුලු රකින්නාද වන බ්‍රෙන්ඩන් ටේලර් නැවතත් සිම්බාබ්වේ කණ්ඩායම නියෝජනය කිරීමේ අරමුණෙන් එංගලන්තයේ සිට සිම්බාබ්වේ දේශයට පැමිණි බව වාර්තා වේ.

ඔහු වසර දෙකක කාලයක් එංගලන්ත නොටිංහැම්ශයර් කණ්ඩායම නියෝජනය කල අතර පසුගිය ලෝක කුසලානයේ දී සිම්බාබ්වේ වෙනුවෙන් සුපිරි දක්ෂතා පෙන්වූ මෙම ක්‍රීඩකයා එංගලන්ත ප්‍රාන්ත තරඟ සඳහා ක්‍රීඩා කිරීමේ හේතුව ලෙස ඔහු පෙන්වා දුන්නේ සිම්බාබ්වේ කණ්ඩායම නියෝජනය කිරීමෙන් ලැබෙන මුදලට වැඩි මුදලක් එංගලන්ත ප්‍රාන්ත ක්‍රීඩා කිරීමෙන් ලබාගත හැකි වීමත් තම දරුවන්ගේ අනාගතයට එංගලන්තය වඩා හොඳ තැනක් වනු ඇතැයි යන්නත් ය.

කෙසේ නමුත් වසර දෙකකට පසුව තම අදහස වෙනස් කරගෙන පැමිණි ටේලර් පිලිබදව අදහස් දක්වා ඇති ඔහුගේ සමකාලීනයකු මෙන්ම වරතමානයේ සිම්බාබ්වේ තේරීම් කමිටුව නියෝජනය කරන තතෙන්ද්‍ර තයිබු පවසා තිබුනේ ටේලර් යනු විශිෂ්ට ක්‍රීඩකයෙකු බවත් ඔහු දක්ෂතා අතර සිටීම පිළිබඳව නැවත සලකා බැලීමක් අනවශ්‍ය බවත් ඔහු නැවත සිම්බාබ්වේ කණ්ඩායම සමඟ එකතු වීමට සුදානම් දවස දැනගැනීම තමාට ප්‍රමාණවත් යන්නයි.

ටේලර් නැවත සිම්බාබ්වේ කණ්ඩායමට පැමිණීම පිටුපස සිටින ප්‍රධාන චරිතයක් ලෙස වර්තමාන සිම්බාබ්වේ ක්‍රිකට් පුනරුදයේ ප්‍රධාන පුරුකක් වන සිම්බාබ්වේ පුහුණුකරු හීත් ස්ට්‍රික් පවසන්නේ යලි නැඟිටිමින් සිටින සිම්බාබ්වේ ක්‍රිකට් කණ්ඩායමට ටේලර්ගේ පැමිණීම මහත් ශක්තියක් වනු ඇති බවය. ටේලර්ගේ නැවත පැමිණීම සමඟ සිම්බාබ්වේ කණ්ඩායමේ දුර්වල අංශයක් වූ කඩුලු රැකීමේ අඩුපාඩුවද සකස් වනු ඇති අතර පිතිකරණ ශක්තියද තවත් ඉහල යනු ඇත.

No comments:

Post a Comment

Post Bottom Ad