ගංජා වැටලීමක් සඳහා මුලතිව් වැලිඔය ජනකපුරට ප්‍රදේශයට ගිය පොලිස් නිලධාරීන් පිරිසකට කිසියම් පිරිසක් විසින් පහර දීමක් හේතුවෙන් පොලිස් නිලධාරීන් දෙදෙනෙකු තුවාල ලබා රෝහල්ගතකොට ඇති බවට වැලිඔය පොලීසිය කියා සිටියේය.
ගංජා ජාවාරමක් පිළිබඳ තොරුතුරක් ලැබීමෙන් පසුව වැලිඔය පොලිස් නිලධාරීන් පිරිසක් විසින් ජනකපුර ප්‍රදේශයේ එක්ස්ථානයක් වටලා අදාල ගංජා අංලවිකලේයැයි පැවසෙන පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් අවස්ථාවේදී එකවරම එම ස්ථානයට සංවිධානාත්මකව පැමිණි පිරිසක් විසින් පොලිස් නිලධාරීන් වෙත පහර දී ගල්මුල් ප‍්‍රහාරද එල්ල ඇති අතර එම ප්‍රහාරවලින් පොලිස් ජීප් රථයේ ඉදිරිපස වීදුරුවටද හානි සිදුවී ඇතැයි වැලිඔය පොලිසිය පැවසුවේය.
පසුව පොලිස් නිලධාරීන් විසින් ගංජා අලෙවිකළැයි කියන සැකකරු අත්අඩංගුවට ගෙන පොලිසියට පැමිණ ඇති අතර විශේෂ පොලිස් කණ්ඩායමක් යොදවා පහරදීම සඳහා පැමිණි සැකකරුවන් සිව් දෙනකුද පසුව අත්අඩංගුවට ගෙන ඇත. තුවාල ලැබු පොලිස් නිලධාරීන් දෙදෙනා මේ වන විට වැලිඔය සම්පත නුවර රෝහලේ ප‍්‍රතිකාර ලබන අතර ඔවුන් දෙදෙනාට සුළුතුවාල ලබා ඇතැයිද පරික්ෂණ සිදු කරන වැලිඔය පොලීසිය වැඩි දුරටත් කියා සිටියේය.
– වන්නි රොමේෂ් මධුෂංඛ
Monday, September 18, 2017
ගංජා ජාවාරම්කරුවන් පොලිසියට ගුටි බැට දෙයි.. නිලධාරීන් දෙදෙනෙක් රෝහලේ..
Tags
# ආරක්ෂක පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
ආරක්ෂක පුවත්
Labels:
ආරක්ෂක පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment