ශ්‍රීලනිපය බාල්දු කරන්න එපා – මහින්ද ඉදිරියේ මෛත්‍රී අසරණ වෙයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, September 16, 2017

ශ්‍රීලනිපය බාල්දු කරන්න එපා – මහින්ද ඉදිරියේ මෛත්‍රී අසරණ වෙයි

ඊයේ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබාදුන් තීන්දුව සමස්ත ශ්‍රී ලංකා දේශපාලනය උඩු යටිකුරු කර තිබේ. ඊයේ දවසේදී ඉතා දැවැන්ත සාකච්ඡාමය දුරකථන ඇමතුම් ගණනාවක් ලාංකීය දේශපාලන ලොක්කන් අතර සිදු වී තිබේ.

අගමැතිවරයා විසින් අධිකරණ ඇමතිනී තලතා අතුකෝරළට අමතා, “මම අජිත්ට නොදී ඔයාට ඇමතිකම දුන්නේ මේ වගේ වෙන්නදැයි” අමතා දැඩි දෝශාරෝපණයක් එල්ල කර ඇත. කෙසේ වුවත් නිල නොලත් ආරංචි මාර්ග සඳහන් කරන්නේ, මෙම තීන්දුව වෙනස් කිරීමට ඇමතිනිය කටයුතු කර තිබුනත්, ශ්‍රේශ්ඨාධිකරණ විනිසුරන් දෙදෙනෙක් අවසන් මොහොතේදී ඇයව නොතකා, නිවැරදි තීන්දුව ලබා දී ඇති බවයි.

ඒ වගේම ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ චමින්ද සිරිමල්වත්තගේ සම්භන්ධීකරණයෙන් වත්මන් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා හිටපු ජනපති මහින්ද රාජපක්ශ මහතා අමතා තිබේ. මෙහිදී ඔවුන් දෙදෙනා දීර්ඝ සාකච්ඡාවක් පවත්වා තිබෙන අතර එහි වත්මන් දේශපාලනය පිළිබඳ ප්‍රභල කතිකාවතක් සිදු කෙරී ඇත. ජෝන් සෙනෙවිරත්න, සුසිල් ප්‍රේම්ජයන්ත වැනි ශ්‍රීලනිප ජ්‍යේෂ්ඨයින් ගේ අදහස් නිසා ඉදිරි මැතිවරණයට එක්ව තරඟ කිරීමට තමන්ට එකඟ විය හැකි බව වත්මන් ජනපතිවරයා, හිටපු ජනපතිවරයාට පවසා ඇති අතර, ශ්‍රී ල නි ප යට එක් නොවන්නේ නම්, ශ්‍රී ල නි ප ය ප්‍රධානව සාදන සංධානයට පොදුජන පෙරමුණත් ඒ හා සම්භන්ධ පක්ෂත් සමඟින් එක්වන ලෙස දන්වා තිබේ.

ඊට පිළිතුරු ලෙස හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කර ඇත්තේ, ශ්‍රී ලනි ප යට එක්ව තරඟ කිරීමට අවශ්‍යනම්, තමන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රධාන කොට හදන සංධානයේ පක්ෂයක් ලෙස ශ්‍රීලනිපයට එක් විය හැකි බවත්, එසේ කරනවානම් අනිත් පක්ශවලට වඩා වැඩි සුවිශේශී ප්‍රමුඛතාවයක් නව සංධානය තුල ශ්‍රීලනිපය වෙත ලබා දීමට හැකි බවත්‍ ය. වෙනත් සන්ධානයක සුළු පක්ෂයක් ලෙස ශ්‍රීලනිපය තරඟ කිරීම පක්ෂය බාල්දු වීමක් ලෙස සලකන බවත්, ශ්‍රීලනිපයට එවන් ඉරණමක් උදා කර දී පක්ෂය බාල්දු කිරීමට කටයුතු නොකරන ලෙසත් වත්මන් ජනපතිවරයා හිටපු ජනපතිවරයාට දන්වා ඇත. 


පසුගිය වසර දෙක තුල දිගින් දිගටම සිදු වූයේ පක්ෂය බාල්දූ වීමක් බවත්, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හා එකතු වී තරඟ කිරීම හැර වෙන විකල්පයක් ශ්‍රී ලනිපයට නොමැති බවත්, අන් පක්ෂවලට වඩා වැඩි ප්‍රමුඛතාවයක් තමන් ශ්‍රීලනිපයට ලබා දෙන්නට තීරණය කලේ, බාල්දූ වී ඇති පක්ෂයට වැඩි වටිනාකමක් ලබා දෙන්නට බවත් හිටපු ජනපතිවරයා වත්මන් ජනපතිවරයාට පවසා ඇත. කෙසේ වෙතත් කිසිදු එකඟතාවයකින් තොරව අදාල දුරකථන සාකච්ඡාව නිමා වී ඇති බව දෙපාර්ශ්වයේම අභ්‍යන්තර ආරංචි අප වෙත වාර්තා කර සිටියෝය. 

ජෝන් සෙනෙවිරත්න හා සුසිල් ප්‍රේමජයන්ත ප්‍රධාන කැරළිකාර කණ්ඩායමේ අදහස වී ඇත්තේ, ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව නිසා ඉක්මනටම මැතිවරණයකට යා යුතු බවත්, කිසිදු හේතුවක් නිසා එජාපය සමඟ ඇතිවන සන්ධානයකට සහාය නොදිය යුතු බවත්‍ ය. ඒ නිසා එළැඹෙන වඩා වැදගත් අවස්ථාවේදී ආණ්ඩුවෙන් ඉවත් වී ස්වාධීන විය යුතු බවටත්, ඊලඟ අවස්ථාවේදී ඒකබද්ධ විපක්ෂය හා එක් විය යුතු බවත් ය. කෙසේ වුවත් ඉදිරි මාස හය, ශ්‍රී ලංකා දේශපාලන පිටියේ දැවැන්ත පෙරළි ඇති කරන කාලයක් බැව් අප ඔබට අවධාරණය කර සිටිමු.

No comments:

Post a Comment

Post Bottom Ad