20 පරාජයෙන් පළාත් සභා ලොක්කෝ ජනාධිපතිගේ සාකච්චාව මග අරී.. මහින්දම සොයා යති.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, September 16, 2017

20 පරාජයෙන් පළාත් සභා ලොක්කෝ ජනාධිපතිගේ සාකච්චාව මග අරී.. මහින්දම සොයා යති..

20 වන ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ප‍්‍රතික්‍ෂෙප කර ඇති බවට පලවන වාර්තා හේතුවෙන් ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය තුල දැඩි කැලඹීමක් ඇති වී තිබෙන බව වාර්තා වෙයි. ආණ්ඩුවේ ඇමතිවරුන් කිහිප දෙනෙකුම ඒකාබද්ද විපක්‍ෂයේ මන්ත‍්‍රීවරුන්ට පෙර කිසිදා නොකල ලෙස සුහදශීලිව ඇමතුම් ලබා දී ඇති බවත් පැවසෙයි.

20 වන සංශෝධනය ප‍්‍රතික්‍ෂෙප වීමත් සමග උතුරුමැද, සබරගමුව, නැගෙනහිර පළාත් සභාවන් නියමිත නිල කාලය අවසන් වීමත් සමග මේ මාසයේදී නිල කාලය අවසන් වී සභාවන්හි සභාපතිවරුන් හැර සියළු නිලතල අහෝසි වෙයි. ඉන් පසු ඔක්තොම්බර් 02 වන දින මැතිවරණය ගැසට් කිරීම සිදුවනු ඇත.

මේ අතර වාර්තා වන්නේ සබරගමුව හා උතුරු මැද පළාත් සභා දෙකේ සන්ධානයේ අති බහුතකර මන්තී‍්‍රවරුන් පිරිසක් හිටපු ජනාධිපතිවරයා සමග හදිසි සාකච්චා සදහා සූදානම් වන බවයි. දැනටමත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා සමග සාකච්චා සදහා වේලාවන් වෙන් කර දෙන ලෙස සන්ධාන මැති ඇමතිවරුන් විශාල පිරිසක් දුරකතනයෙන් අමතා ඇති බවද වාර්තා වෙයි.

No comments:

Post a Comment

Post Bottom Ad