‘ජනාධිපති තාත්තා’ පොත දුලන්ජලි ප්‍රේමදාසට පිලිගැන්වු විශේෂිත අවස්ථාවක්… බණ්ඩාරනායකගේ දුව චන්ද‍්‍රිකාට නෑ.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, September 16, 2017

‘ජනාධිපති තාත්තා’ පොත දුලන්ජලි ප්‍රේමදාසට පිලිගැන්වු විශේෂිත අවස්ථාවක්… බණ්ඩාරනායකගේ දුව චන්ද‍්‍රිකාට නෑ..

ඊයේ දිනයේ කොළඹදී ‘ජනාධිපති තාත්තා’ පොත පිලිගැන්වීමේ උලෙළට මෙරටේ දෙවෙනි විධායක ජනාධිපති වු රණසිංහ ප්‍රේමදාස මහතාගේ දියණිය වු දුලන්ජලි ප්‍රේමදාස මහත්මිය මෙන්ම හිටපු ජනාධිපති ආර්‍යාව වු හේමා ප්‍රේමදාසට ආරාධනා කොට තිබිම විශේෂත්වයකි.

එහිදි වර්තමාන විධායක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ දියණිය වූ චතුරිකා සිරිසේන විසින් හිටපු විධායක ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ දියණිය වු දුලන්ජලි ප්‍රේමදාසට ‘ජනාධිපති තාත්තා’ පොත පිලිගැන්වීම විශේෂය.

එහෙත් ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ නිර්මාතෘ එස් ඩබ්ලිව් ආර් ඩි බණ්ඩාරනායක මහතාගේ මෙන්ම ලොව පලමු අගමැතිනිය බවට පත් සිරිමා බණ්ඩාරනායක මැතිනිය දියණිය මෙන්ම මෙරටේ ප්‍රථම විධායක ජනාධිපතිනිය වූ චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය මේ උත්සවය සඳහා සහභාගි නොවීම එහි සිටි ශ්‍රීලංකා නිදහස් පක්ෂ මැති ඇමතිවරුන්ගේ විමතියට හේතු විය.

ඒ වර්තමාන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා දේශපාලනයට ජනිත කල ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ නායකයින් මෙන්ම ඔහුගේ සමකාලින ශ්‍රිලනිප නායකයින් අමතක කොට ශ්‍රිලනිප විනාශ කිරීමට එදා සිට කටයුතු කල හිටපු ජනාධිපති ප්‍රේමදාස මහතාගේ පවුලේ උදවියට මෙන්ම බොහෝ එජාපයේ නායකයින්ට මෙම විශේෂ අවස්ථාවට සහභාගි කරවා ගැනිමට සංවිධායකයින් කටයුතු කිරීම සම්බන්ධවයි.

No comments:

Post a Comment

Post Bottom Ad