ධම්මික පෙරේරා දින්නත් ශ‍්‍රී ලංකාව පරදී.. දැවැන්ත ‘සිංගර්’ සමාගම කොටස් විකුණා ලංකාව හැරදා යන්න යයි.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, September 18, 2017

ධම්මික පෙරේරා දින්නත් ශ‍්‍රී ලංකාව පරදී.. දැවැන්ත ‘සිංගර්’ සමාගම කොටස් විකුණා ලංකාව හැරදා යන්න යයි..

වසර 100 කට වඩා පැරණි ලොව ප්‍රධාන පෙලේ බහුජාතික සමාගමක් වන සිංගර් සමාගමේ කොටස් සීයයට 80% මේ වනවිට මෙරටේ ආයෝජකයකුට විකුණා දමා ඇත. ඒ ඇමරිකානු ඩොලර් මිලියන 80 කටයි එනම් රුපියල් බිලියන 12 කටයි. ඒ අනුව එම මුදල් ශ්‍රීලංකාවන් ඇමරිකාවේ සිංගර් මව් සමාගමට රැගෙන යයි. Link

ලෝකයේ දෙවෙනි විශාලතම සිමේන්ති නිෂ්පාදකයා වන ස්විස්ටර්ලන්තයේ හෝල්සිම් සමාගම පසුගිය දා තම ආයෝජනය විකුණාදාම ශ්‍රීලංකාවේ ව්‍යයාපර කටයුතුවලින් ඉවත්ව ගියේය. පුත්තලම සහ ගාල්ල සිමෙන්ති කර්මාන්තශාලා දෙක එම සමාගම යටතේ තිබු අතර “සංස්ථා සිමෙන්ති” නමින් ශ්‍රීලංකාවේ සිමෙන්ති අලෙවියෙන් ප්‍රධානියා වුයේද හෝල්සිම් සමාගමයි.

ස්විස්ටර්ලන්තය තම මව් සමාගම පිහිටුවා ඇති හෝල්සිම් ජාත්‍යන්තර සිමෙන්ති සමාගම ලොව පුරා කර්මාන්තශාලා 149 ක් පවත්වාගෙන යමින් ලෝකයේ සිමෙන්ති නිෂ්පාදනයෙන් ලොව දෙවෙනි විශාලතම බහු ජාතික සමාගමයි. මේ අතර බ්‍රිටිස් ඇමරිකා දුම්කොළ සමාගමත් මේ වනවිට ශ්‍රීලංකාවේ අලෙවි කටයුතුවලින් ඉවත්වීමේ උපායමාර්ග සොයමින් සිටින අතර ලංකාවේ ස්ථාපිත කොට ඇති විදේශ ආයෝජන සහිත බහු ජාතික සමාගම් කිහිපයක්ම තම ඉදිරි ආයෝජන කටයුතු ඉවත් කර ගත්හ.

එමෙන්ම ආහාර නිෂ්පාදනවලට මෙන්ම සබන් කර්මාන්තයේ නියලි සිටින බහු ජාතික සමාගම් ඉන්දීය ඉක්ටා වෙළෙඳ ගිවිසුම ශ්‍රීලංකාව අත්සන් කල විගස තම කර්මාන්තශාලා ඉන්දීයාවට ගෙනයෑමට අවශ්‍ය කටයුතු සුදානම් කරමින් සිටිනුයේ ලංකාවට වඩා ඉන්දියාවේ නිෂ්පාදනය කිරිම ලාබදායි බවත් එරටේ ඉතා අඩු මුදලට කම්කරුවන සොයාගැනීමට ඇති හැකියාවත් සැලකිල්ලට ගෙනයි.

එමෙන්ම පසුගිය වසර 3 තුල පමණක් කොටස් වෙළෙඳපොළ තුල සිටි විදේශ ආයෝජන 80% පමණ ඉවත් කරගෙන ඇත. Link

No comments:

Post a Comment

Post Bottom Ad