බිම නිදි කරවා සිටියදී බල්ලකු හිස සපා කෑමෙන් දින හතේ බිලිදා මරුට - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, September 18, 2017

බිම නිදි කරවා සිටියදී බල්ලකු හිස සපා කෑමෙන් දින හතේ බිලිදා මරුට

පෙරේදා (16 දා) සවස පහට පමණ හබරණ නාමල්පුර ආසිරිගම ප්‍රදේශයේ නිවසේ කාමරයක බිම නිදිකරවා සිටි දින 7 ක්‌ වයසැති බිලිඳකුගේ හිස සුනඛයකු විසින් සපා කමින් සිටියදී මව සුනඛයා පළවා හැර තුවාල ලබා සිටි බිලිඳා හබරණ රෝහලට ඇතුළත් කර ඇති අතර දඹුල්ල මූලික රෝහලට මාරුකර එවීමෙන් පසු බිලිඳා මියගොස්‌ තිබේ.

මෙසේ මියගොස්‌ ඇත්තේ සුනිල් ශාන්තගේ සම්පත් කුමාර නමැති පිරිමි දරුවෙකි. කුඩා කටුමැටි නිවසක කාමරයක බිම දරුවා නිදිකරවා මදුරු දැලකින් වසා මව කුස්‌සියේ කටයුතු කරමින් සිට ඇත. හය හැවිරිදි ඇගේ දියණිය බල්ලකු විසින් සියබාල සහෝදරයා සපාකන බව මවට දන්වා ඇත. එවැනි සුනඛයකු මීට පෙර දැක නැතිබව මව පවසන බව හබරණ පොලිසිය කියයි.

මෙම මරණය පිළිබඳ මහෙස්‌ත්‍රාත් පරීක්‍ෂණය ඊයේ (17 දා) පැවැත්වීමට නියමිතව තිබිණි. මෙම සිද්ධිය පිළිබඳ හබරණ පොලිස්‌ ස්‌ථානාධිපති පොලිස්‌ පරීක්‍ෂක පිටිගල මහතාගේ උපදෙස්‌ මත අපරාධ විමර්ශන අංශයේ ස්‌ථානාධිපති උ.පො.ප. සුමනරත්න මහතා ඇතුළු නිලධාරීහු කණ්‌ඩායමක්‌ වැඩිදුර පරීක්‍ෂණ පවත්වති.

කිතුල්හිටියාව - ඡේ. බී. බුලාගල, දඹුල්ල - සරත් එරමිණිගම්මන

No comments:

Post a Comment

Post Bottom Ad