අනුෂ ලලිත් චයිනීස් කෑම දුරදිග යයි - බෝගම්බර සිරකරුවන් උපවාසේ - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, September 14, 2017

අනුෂ ලලිත් චයිනීස් කෑම දුරදිග යයි - බෝගම්බර සිරකරුවන් උපවාසේ


පසුගියදා සිරයට නියමවී බන්ධනාගාර රෝහල් ගතවූ අනුෂ පැල්පිට හා ලලිත් වීරතුංග සිරකරුවන්ට විශේෂ වරප්‍රසාද ලබාදී ඔවුන්ට රාජගිරිය අවන්හලකින් චයිනීස් කෑම ලබාදීම ඇතුළු සිදුවීම් කිහිපයක් මුල් කරගෙන වැලිකඩ බන්ධනාගාරය ඉදිරිපිට 12 වනදා  බන්ධනාගාර රැදවියන්ගේ අයිතිවාසිකම් සුරැකීමේ සංවිධානය උද්ඝෝෂණයක් පවත්වන ලදි.

එය තවදුරටත් ව්‍යාප්ත කරමින් මහනුවර පල්ලෙකැලේ (බෝගම්බර) රදවා ඇති මරණීය දණ්ඩය ලැබූ සියලුම සිරකරුවන් හා ජීවිතාන්තය දක්වා සිරදඩුවම් ලැබූ රැදවියන් ආහාර වර්ජනය කිරීමේ උපවාසයක් මේ වනවිට ආරම්භ කොට ඇතැයි බන්ධනාගාර රැදවියන්ගේ අයිතිවාසිකම් සුරැකීමේ සංවිධානය දන්වා ඇත.

ඔවුන්ගේ ඉල්ලීම් වන්නේ ආහාර හා අනෙකුත් සුබසාධවන පහසුකම්වල ගැටලු නිරාකරණය සිරකරුවන්ට වද හිංසා පැමිණවීම නවතීම වසර 4 කට වරක්වත් කළයුතු සිරකරු සමාලෝචන ක්‍රියාවලිය නැවත ඇරඹීමයි.

No comments:

Post a Comment

Post Bottom Ad