මහින්දගේ නිල නිවසට පිහියක් අරන් ඇතුළුවෙන්න හැදූ පුද්ගලයෙකු අත්අඩංගුවට - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, September 21, 2017

මහින්දගේ නිල නිවසට පිහියක් අරන් ඇතුළුවෙන්න හැදූ පුද්ගලයෙකු අත්අඩංගුවට

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ කොළඹ 07 විජේරාම මාවතේ පිහිටි නිල නිවසට අද (21) සන්ධ්‍යා කාලයේ  ඇතුල්වීමට උත්සාහ දැරූ පුද්ගලයෙකු අත් අඩංගුවට ගැනීමට පොලීසිය කටයුතු කළා.  පරීක්ෂා කිරීමේදී ඔහු සඟවාගෙන තිබුණ පිහියක්ද හමුවී තිබේ.

ආරක්ෂක රැකවල් සහිත ස්ථානයක මේ ආකාරයට ඔහු පැමිණීම ගැටලු කාරී වන අතරම මෙම පුද්ගලයා පැමිණියේ කවර අරමුණකින්ද යන්න තවම අනාවරණය නොවූ බව පොලිසිය සඳහන් කරයි. මූලික විමර්ශන වලදී මොහු බලංගොඩ ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක් බවට හඳුනාගෙන තිබේ. අත්අඩංගුවට ගත් පුද්ගලයා වැඩිදුර විමර්ශනයට ලක් කරන බව පොලිසිය සඳහන් කරයි.

No comments:

Post a Comment

Post Bottom Ad