හබරණ ගෙදර බල්ලා දවස් 7 දරුවා මරා කයි! – කුඩා දරුවන් ප්‍රවේශම් කරගන්න - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, September 18, 2017

හබරණ ගෙදර බල්ලා දවස් 7 දරුවා මරා කයි! – කුඩා දරුවන් ප්‍රවේශම් කරගන්න


දින 07 ක් වයසැති බිළිඳෙකු සුනඛයෙකු සපාකෑමෙන් ජීවිතක්ෂයට පත්වීමේ පුවතක් හබරණ – නාමල්පුර – ආසිරිගම ප්‍රදේශයෙන් වාර්තාවනවා.  ඊයේ රාත්‍රී 7 ට පමණ මෙම දරුවාගේ මව, බිළිඳා නිවසේ බිම නිදි කර මදුරු දැළකින් වසා මුළුතැන්ගෙයි ආහාර පිස තිබෙනවා. එම අවස්ථාවේදී එහි පැමිණි අසළ නිවසක සිටි සුනඛයෙකු බිළිඳා සපා කා ඇති බවයි වාර්තාවන්නේ.

සුනඛයා සපාකෑමෙන් හිසට තුවාල සිදුවූ බිළිඳා ඇතුළත් කර ඇත්තේ හබරණ රෝහලටයි.  පසුව දඹුල්ල රෝහලට බිළිඳා මාරුකර යවා ඇති නමුදු, එහිදී එම බිළිඳා ජීවිතක්ෂයට පත්ව ඇති බව සඳහන්. මියගිය බිළිඳාගේ මවගේ වයස අවුරුදු 24 ක් වන අතර, ඇයට වයස අවුරුදු 6 ක සහ 2 ක දියණියන් දෙදෙනෙකුද සිටිනවා.

No comments:

Post a Comment

Post Bottom Ad