අහංගම ඉදිකරමින් පැවති මහල් 5 හෝටලය කඩා වැටේ (video) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, September 18, 2017

අහංගම ඉදිකරමින් පැවති මහල් 5 හෝටලය කඩා වැටේ (video)


ගාල්ල අහංගම  පෑලැස්ස ප්‍රදේශයේ මහල් 05කින් යුත් ගොඩනැගිල්ලක් අද උදෑසන කඩා වැටී තිබෙනවා. කඩා වැටුණ අවස්ථාවේ පුද්ගලයින් 05 දෙනෙකුට තුවාල සිදුවී ඇති අතර තවත් පිරිසක් සුන්බුන් අතර සිරවී ඇති බවට විශ්වාස කර ඔවුන් සොයා කරන ලද මෙහෙයුම් අතර
තවත් එක් අයෙකු තුවාල සහිතව හමුවී ඇත.

මෙය හෝටල ව්‍යාපාරයක් සඳහා ඉදිකරමින් පැවැති මහල් 05කින් යුත් ගොඩනැගිල්ලක් බවට වාර්තා විය. සිද්ධිය වන අවස්ථාවේ සේවකයින් රැඳී සිටියේ මහල් 5 න් බිම් මහලේ පමණක් වූ බවටද වාර්තා ලැබී තිබේ. බිම් මහලේ නවතා තිබුණ ත්‍රී රෝද රථ හා මෝටර් සයිකල්ද පොඩි පට්ටම්වී ඇතැයි වාර්තාවේ. මීට පෙර මීගමුව පෙරියමුල්ල ප්‍රදේශය‍ෙ සහ වැල්ලවත්ත ප්‍රදේශයේ මේ ආකාර ගොඩනැගිලි කඩාවැටීම් සිදුව තිබුණි.

අහංගම සිද්ධියට අදාළ වීඩියෝව පහතින්...

No comments:

Post a Comment

Post Bottom Ad