සුප්‍රීම් සැට් යවන්න මිලියන 460 ක මුදල් එදා ගත්තේ ලංකා විදුලි බල මණ්ඩලයෙන් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, September 19, 2017

සුප්‍රීම් සැට් යවන්න මිලියන 460 ක මුදල් එදා ගත්තේ ලංකා විදුලි බල මණ්ඩලයෙන්


ලං.වි.ම. අර්ථ සාධක අරමුදල් වංචා කළ අය තවමත් නිදැල්ලේ සිටින බව බස්හානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය  චම්පික රණවක මහතා පවසයි. ලංකා විදුලි බල මණ්ඩලයීය විශ්‍රාම වැටුප් ලාභීන්ගේ යහසාධක සංගමයේ 21 වන සංවත්සරයට එක් වෙමින් අමාත්‍ය  චම්පික රණවක මහතා මෙසේ කීය.

‘පසුගිය කාලේ රජ පවුලේ පුත්‍රයෙක් සුප්‍රීම් සැට් කියලා චන්ද්‍රිකාවක් අහසට ඇරියා කියලා කිව්වා. ඒකට වැය වූ රුපියල් මිලියන 460 ක

මුදල් ගත්තේ ලංකා විදුලි බල ණ්ඩලයෙන්. ඒ ගැන මම පැමිණිලි කරලා තිබෙනවා. එය දැන් විභාග වෙමින් පවතිනවා. නමුත් ඒකට විමුක්තිය කවදා ඉටු වෙයිද කියා දන්නේ නැහැ. ගල් අඟුරු ගේන මුවාවෙන් තමයි ඒ වංචාව සිදු කළේ. 

ඒ වංචාවේ සමහර කොටස් කාරයෝ අපට පුළුවන් උනා අත්අඩංගුවට ගන්න. හැබැයි ඉතින් වැඩියෙන් සල්ලි හොරකං කරලා තිබෙන නිසා දවස් දෙකෙන් ඇප හම්බ උනා. මේ රට පුදුම රටක්. හොරණ ප්‍රදේශයේ පාසල් දැරියක් පොල්ගෙඩි 08ක් හොරකම් කලා කියලා ඇයව ඇරියා මාසයකට රිමාන්ඩ් බන්ධනාගාරයට. ඒ වගේම මේ මෑතදී පාසල් විදුහල්පතිතුමියක් රුපියල් 25,000 ක පගාවක් ගත්තයි කියලා අවුරුදු අටකට හිරේ ඇරියා. 

හැබැයි රුපියල් මිලියන 12,000 ක් ලංකා විදුලි බලමණ්ඩලයේ සේවකයින් 18,000 කගේ EPF වලින් වංචා කරපු තක්කඩියා දවස් දෙකෙන් එළියට ආවා. දවස් දෙකයි හිටියේ. මේ ගැන අපි සඳහන් කළ යුතුයි, විශ්වාසයක් ඇතිවෙන්නේ නැත්නම් දඬුවම් ලැබෙන්නේ නැහැ කියලා මිනිස්සු නීතිය ගැන ඊට පස්සේ විශ්වාස කරන්නේ නැහැ. ‘

No comments:

Post a Comment

Post Bottom Ad