2011 ලෝක කුසාලන අවසන් තරගයේ පාවාදීමක් වුණේ නෑ -මහේල - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, September 19, 2017

2011 ලෝක කුසාලන අවසන් තරගයේ පාවාදීමක් වුණේ නෑ -මහේල

මතභේදයට තුඩු දී ඇති 2011 ලෝක කුසලාන තරගාවලියේ අවසන් තරගයේදී තරග පාවාදීමක් සිදු නොවූ බවත්, එම තරගාවලියේදී ශ්‍රී ලංකාව අවංකව ක්‍රීඩා කළ බවත් ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායක මෙන්ම එම තරගයට ක්‍රීඩා කළ මහේල ජයවර්ධන සඳහන් කරයි.

බී.බී.ඩී.ඕ. ලංකා ෆේස්බුක් පිටුව සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කර තිබේ. “නෑ(තරග පාවාදීමක් සිදුවුණේ). අපි අවංකවම එම තරගය ක්‍රීඩා කළා. අපි ඒ තරගය පරාජය වුණා. යමෙකුට ඒ ගැන සාක්ෂි තිබෙනවානම් ඒවා ඉදිරියට ආ යුතුයි. නමුත් ඔබට කතා මවන්න බෑ. ඔබට ශක්තිමත් සාක්ෂි තිබිය යුතුයි” යැයි මහේල පවසයි. එසේම තරග පාවාදීම් සඳහා වරදකරුවන් වන පුද්ගලයන්ට ජීවිතාන්තය දක්වා තරග තහනම් ලබාදිය යුතු බවද මහේල මෙහිදී පවසයි.

No comments:

Post a Comment

Post Bottom Ad