සූදානම් වන්න! – වැටුප් වර්ධකයක් ඉල්ලා විදුලිබල සේවකයෝ හෙට 12 සිට වර්ජනයේ (Exclusive) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, September 12, 2017

සූදානම් වන්න! – වැටුප් වර්ධකයක් ඉල්ලා විදුලිබල සේවකයෝ හෙට 12 සිට වර්ජනයේ (Exclusive)

වැටුප් වර්ධකයක් ඉල්ලා ලංකා විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරුවන් නොවන අනෙකුත් සේවකයින් හෙට දහවල් 12 සිට ලබන සිකුරාදා දක්වා (13 – 14 – 15) වැඩ වර්ජනයක නියැලීමට සූදානම් වන බව වාර්තා වේ. ඉංජිනේරුවන්ට පමණක් ලබාදුන් වැටුප් වර්ධකය තමන්ටද ලබාදෙන ලෙස ඉල්ලමින් ඉදිරි දින තුන තුල මෙම වැඩ වර්ජනය ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත.

දැනටමත් ඉහළ වැටුපකට හිමිකම් කියනු ලබන විදුලි සේවකයෝ මෙලෙස වර්ජනයේ නියැලෙමින් අත්‍යවශ්‍ය සේවාවක් වන විදුලියේ අඛන්ඩ සැපයුමට බාධා කිරීම ජනතාවගේ දැඩි විවෙචනයට ලක්ව තිබේ. මෙම වැඩවර්ජනය හේතුවෙන් හදිසි විදුලි බිඳවැටීම් යථා තත්වයට පත්කිරීමේ ගැටලු ඇතිවිය හැකි බැවින් ඒ සඳහා සූදානම් වන ලෙස අප ඔබ සියලු දෙනාගෙන් ඉල්ලා සිටිනවා. 


විදුලිය ආශ්‍රයෙන් කරනු ලබන ක්‍රියාකාරකම් සඳහා පෙර සූදානමක් සහිතව කටයුතු සකස් කර ගැනීම හරහා ඉදිරි දින කිහිපයේ යම් හදිසි බිඳවැටීමක් සිදුවුවහොත් ඇතිවන පීඩාකාරි තත්වය යම්තාක් දුරකට සමනය කරගැනීමට ඔබට හැකිවනු ඇත.

සියලු දෙනා දැනුවත් කිරීම සඳහා මෙම පුවත හැකිතාක් share කරන්න.

No comments:

Post a Comment

Post Bottom Ad