උමාඔය වතුර මහින්දගේ වලව්වට ගෙනියන්න ජවිපෙ නායක අනුර දිසානායක ඇමති කාලෙ දැමූ කැබිනට් පත්‍රිකාව මෙන්න.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, August 12, 2017

උමාඔය වතුර මහින්දගේ වලව්වට ගෙනියන්න ජවිපෙ නායක අනුර දිසානායක ඇමති කාලෙ දැමූ කැබිනට් පත්‍රිකාව මෙන්න..

පසුගිය කාලයේදී තරගයට මෙන් රටේ ජනාධිපතිවරයා, මෙගාපොලිස් අමාත්‍ය චම්පික රණවක, අමාත්‍ය රාජිත සේනාරත්න ඇතුළු ජවිපෙ කණ්ඩායමක් උමා ඔය බහු කාර්යය යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කිරීමට ප්‍රධාන හේතුව ලෙස කෙසේ පැලෙන තර්ක ගෙන පෙන්වූයේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ නිවස පිහිටි හම්බන්තොට මැදමුලන වලව්වට ජලය ගෙන යෑම සඳහා උමා ඔය ක්‍රියාත්මක කොට ජාතියට අපරාධයක් කරනු ලැබු ලෙසයි.

ඒත් මෙහි සත්‍ය තත්ත්වය සාක්ෂි ඇතිව ඔප්පු වනුයේ 2005 වර්ෂයේ ජනවාරි 04 වෙනිදා චන්ද්‍රිකා බණ්ඩාරනායක ජනාධිපතිනිය ගේ පරිවාස ආණ්ඩුවේ කෘෂිකාර්ම පශු සම්පත් ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යවරයා ලෙස වර්තමාන ජවිපෙ නායක අනුර කුමාර දිසානායක ඉදිරිපත් කල අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවයි. ඒ මගින් පෙන්වා දී ඇත්තේ උමා ඔය හුදෙක් ජල විදුලිය නිපදවීමන් ඔබ්බට ගොස් බහු කාර්යය යොජනා ක්‍රමයක් ලෙස ක්‍රියාත්මක කිරීමේ වැදගත්කමයි. ඒ අනුව අති ශූෂ්ක වියලි ප්‍රදේශයක් වන මොණ්රාගල සහ හම්බන්තොට දිස්ත්‍රික් දෙක සඳහා ජලය සැපයියිමේ වෙනත් කිසිම මාර්ගයක් නොමති බැවින් උමා ඔය බහු යොජානා ක්‍රමය ක්‍රියාත්මක කිරීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ඉල්ලා ඒ සඳහා අනුමැතිය ලබාගෙන ඇත.

එහෙත් උමා ඔය යෝජනා ක්‍රමය පසුගිය වසර දෙකාහාමාර පුරා ක්‍රියාත්මක වන්නේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා යටතේ ඇති මහවැලි සහ පරිසර අමාත්‍යාංශය යටතේ ය. මෙහි දේශිය උපදේශක සේවා සපයන්නේ ජනාධිපතිවරයා යටතේ ඇති මධ්‍යම ඉංජිනේරු කාර්යාංශය CECB මගිනි. එමෙන්ම මෙම බණ්ඩාරවෙල ජනතාවගේ ප්‍රශ්නය උග්‍ර උනේ අවශ්‍ය වන්දි නිසියාකාරව ගෙවා නිසි කලට වැඩ නිම කලේ නම් මෙවෙනි ජනතා ගැටලු බොහෝදුරට විසඳාගැන්මට හැකියාව තිබිණි. ඕනම සංවර්ධනයක් යනු එය යම් තරමක හෝ පරිසර හානියක් සිදු කරයි. එමෙන්ම ඒ හරහා පරම්පරික ජනතාවට ගැටලු ඇති කරයි. 


එදා මහවැලිය රටට දායාද කල දිවංගත ගාමිණී දිසානායක තම උපන් ගම සහ තමන් උපන් කොත්මලේ වලව්ව කොත්මලේ ජලාශයට පරිත්‍යාග කලේ මාදුරුඔය වියළි කලාපය සශ්‍රීක කොට එය මතු පරම්පරාව දායාදය කිරීම වෙනු වෙනි. එහෙත් එදා චන්ද්‍රිකා යුගයේ අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබිනත් මුදල් සොයාගැනීමට නොහැකිව තිබු උමා ඔය මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා යුද්ධයක් පවතින යුගයේ ඉරානය හරහා මුදල් සොයාගෙන ඒ යෝජනාව සාර්ථකව ආරම්භ කිරීමට ගත් තීරණය එය අද ක්‍රියාත්මක කරන පාලකයින්ගේම සමච්චලයට ලක් කිරීම ශ්‍රී ලංකාවට අද අත්වී ඇති ඉරණමට වෙනත් සාක්ෂි අවශ්‍ය නැත.

චන්ද්‍රිකා බණ්ඩාරනායක ජනාධිපතිනිය ගේ පරිවාස ආණ්ඩුවේ කෘෂිකාර්ම පශු සම්පත් ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යවරයා ලෙස වර්තමාන ජවිපෙ නායක අනුර කුමාර දිසානායක ඉදිරිපත් කල අමාත්‍ය මණ්ඩල පත්‍රිකාව මේ සමඟ.


No comments:

Post a Comment

Post Bottom Ad