හිටපු ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු හදිසියේම මියයයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, August 18, 2017

හිටපු ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු හදිසියේම මියයයි

හිටපු ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු හදිසියේම මියයයි
හිටපු ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති බෝධි ලියනගේ මහතා හදිසි අනතුරකින් අභාවප්‍රාප්ත වී ඇතැයි වාර්තා වේ. අද (18) අලුයම 5ට පමණ ඔහු අභාවප්‍රාප්ත වී ඇති අතර ඔහු නිවසේ පඩි පෙලෙන් ඇඳ වැටී ඇත්තේ මොලයේ නහරයක් පිපිරීමෙන් බව මහනුවර රෝහල කියා සිටියේය.

අනතුරින් පසු මහනුවර මහ රෝහලට ඇතුළත් කළ මොහු දින දෙකක් එහි ප්‍රතිකාර ලබමින් සිටි බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සඳහන් කළේය. පොලිස් විශේෂ කාර්ය බලකායේ පළමු අණදෙන නිලධාරියා වන්නේද හිටපු ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති බෝධි ලියනගේ මහතායි. මරණය සම්බන්ධයෙන් මරණ පරීක්ෂණයක් පවත්වන බව රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය සමන් රත්නායක මහතා පැවසීය.

No comments:

Post a Comment

Post Bottom Ad